175
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 81 වැනි සංවත්සරය මේ මස 03 වැනි දින පස්වරු 3.00ට කොළඹ මහජන පුස්තකාල රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු ඇමැතිවරයකු වන ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර උත්සවය පැවැත්වෙයි.
පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, උතුරු නැඟෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම වතුකරයේ දේශපාලන පක්ෂ නායකයන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී එල්. ආර්. ස්ටීවන් මහතා ‘දිනමිණ’ට පැවසීය.