දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශෝකය පළකර තිබේ.
සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළකරන බවට ඉන්දීය අගමැතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබා තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ඔහු සමඟ හමුවීම් පිළිබඳ මතකයන් අගය කරන බව පවසා තිබෙන ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාමය, ආරක්ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ ගෞරවයෙන් යුතු ජීවිතයක් ලබාදීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළ බව ද පෙන්වා දී තිබේ.
ආර්.සම්බන්දන් මහතාගේ අභාවය, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින ඔහුගේ මිතුරන්ට මෙන්ම අනුගාමිකයන්ට දැඩිව දැනෙනු ඇති බව ද හෙතෙම පවසා ඇත.