අනුරාධපුර පුරවර උදානය පොසොන් සැණකෙළි භූමියේ මීට දින 5කට පෙර අතුරුදන් වූ 12 හැවිරිදි පාසල් දැරිය මීගොඩ ප්‍රදේශයේ නිෙවසකින් හමුවූ බවත්, එම බාලවයස්කාර දැරිය රැගෙන ගිය 16 හැවිරිදි පාසල් වයසේ පසුවන සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම නිෙවසේ අඹුකමට තබා ගෙන සිටි 21 හැවිරිදි තවත් කාන්තාවක් ද හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා 12 හැවිරිදි එම දැරිය, ඇය රවටා රැගෙන ගිය 16 හැවිරිදි සැකකරු, එම සැකකරුගේ නිෙවසේ සිටි 21 හැවිරිදි තරුණිය, තම භාරයට ගෙන අනුරාධපුරයට රැගෙන ආ බව පොලිසිය පවසයි.
මෙම දැරියගේ මව සහ මවගේ සහෝදරයකු සැණකෙළි භූමිය අසල වෙෙළදසලක් පවත්වාගෙන ගොස් ඇති අතර එම දැරියගේ පියා විදේශගතව සිටින බවත් පොලිසිය පවසයි.
එම දැරිය සැණකෙළි භූමියේ පැවැත්වෙන සංගීත සංදර්ශනයේ නර්තනයේ යෙදීමට අවශ්‍ය යැයි මවට පවසා, මව අවසර ලබා දීමෙන් අනතුරුව නටමින් සිටියදී සැණකෙළි භූමියේදී හිතවත් වූ සාරවිට විකුණන තරුණයකු සමඟ බස් රථයක නැගී මීගොඩ ප්‍රදේශයට ගොස් තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
නර්තනයේ යෙදීමට ගිය තම දැරිය අතුරුදන්ව ඇති බවට එම දැරියගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව දින 5කට ආසන්න කාලයක් එම දැරිය සෙවීමේ කටයුතවල නිරතව සිටියදී, එම දැරිය මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිෙවසක සිටියදී මෙලෙස සොයා ගත් බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිසිය සඳහන් කළේය.
අනුරාධපුර පොලිස් කණ්ඩායමක් එම නිෙවසට ගොස් සිදු කළ විමර්ශනයකදී දැරිය රවටා රැගෙනආ එම 16 හැවිරිදි සැකකරු එම නිවසේ 21 හැවිරිදි කාන්තාවක් ද අඹුකමට තබා ගෙන සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අතුරුදන් වූ දැරිය සොයා ගැනීම සඳහා පොලිසිය කණ්ඩායම් කිහිපයක් එක්ක දීර්ඝ විමර්ශනයක් සිදු කර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී උසස් නිලධාරියකු පැවැසුවේ මවුපියන් දරුවන් පිළිබඳව මීට වඩා දැඩි සැලකිල්ලෙන් සහ අවධානයෙන් සිටිය යුතු බවය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සහ සැකකාරියගෙන් වැඩි ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර 12 හැවිරිදි බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව ඇති බව ද පොලිසිය පවසයි.