Saturday, May 10, 2025
Home » අසභ්‍ය චිත්‍ර­පට පෙන්නා දිය­ණිය කෙලෙසූ පියා කූඩුවේ

අසභ්‍ය චිත්‍ර­පට පෙන්නා දිය­ණිය කෙලෙසූ පියා කූඩුවේ

by Gayan Abeykoon
July 2, 2024 1:06 am 0 comment

කුලි­යා­පි­ටිය - මෙවිරු ධනාන්

විදෙ­ස්ගත මව, පියාගේ රැක­ව­ර­ණය යටතේ තබා ගිය වයස 13 දැරි­යට අසභ්‍ය දර්ශන පෙන්වා කෙලෙසූ බව කියන පියකු බිංගි­රිය පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

පඩි­වෙල, කඩි­ග­මුව ප්‍රදේශයේ පදිංචි 47 හැවි­රිදි පියකු පොලි­සිය මග­හැර පලා­ගොස් සිටි­යදී එසේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබූ අතර සැක­කාර පියා අධික ලෙසින් මත්පැන් පාන­යට හුරුව තිබූ අයකු බව ද පොලි­සිය පව­සයි.

නි‍ෙවසේ කාම­ර­යන වින්දිත දැරිය සම­ඟින් එකම ඇඳක නිදන පියා තම ජංගම දුර­ක­ත­න­යෙන් විවිධ ලිංගික ක්‍රියා­කා­ර­කම් අඩංගු දර්ශන පෙන්වා එසේ අප­යෝ­ජ­න­යට ලක් කරන බව යාබද නි‍ෙව­සක වැඩි­හිටි කාන්තා­වක සමඟ දැරිය පවසා තිබූ අතර ඒ අනුව වින්දිත දැරි­යගේ ඥාතීන්ට ඒ බැව් පැව­සී­මෙන් පසු පොලි­සි­යට පැමි­ණිලි කර තිබිණ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත අතර වින්දිත දැරිය මේ වන­ විට වෛද්‍ය පරී­ක්‍ෂා­වන් වෙනු­වෙන් රෝහ­ල්ගත කර ඇති බව පොලි­සිය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT