විදෙස්ගත මව, පියාගේ රැකවරණය යටතේ තබා ගිය වයස 13 දැරියට අසභ්‍ය දර්ශන පෙන්වා කෙලෙසූ බව කියන පියකු බිංගිරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
පඩිවෙල, කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පියකු පොලිසිය මගහැර පලාගොස් සිටියදී එසේ අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර පියා අධික ලෙසින් මත්පැන් පානයට හුරුව තිබූ අයකු බව ද පොලිසිය පවසයි.
නිෙවසේ කාමරයන වින්දිත දැරිය සමඟින් එකම ඇඳක නිදන පියා තම ජංගම දුරකතනයෙන් විවිධ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු දර්ශන පෙන්වා එසේ අපයෝජනයට ලක් කරන බව යාබද නිෙවසක වැඩිහිටි කාන්තාවක සමඟ දැරිය පවසා තිබූ අතර ඒ අනුව වින්දිත දැරියගේ ඥාතීන්ට ඒ බැව් පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබිණ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වින්දිත දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂාවන් වෙනුවෙන් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.