තියුණු ආයුධයක් රැගෙන ඉවක් බවක් නොමැතිව මහමග ගමන් ගන්නා වාහනවලට පහර දෙමින් ආවේගශීලීව හැසුරුණු පුද්ගලයකු පෙරේදා (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවැසීය.
එම සැකකරු සිදු කළ පහරදීම්වලින් මෝටර් රථ යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට මෙන්ම පළාත් සභා ගොඩනැගිල්ලට ද අලාභානි වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
තලංගම ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ රැඳී සිටිමින් මෙම පුද්ගලයා එහි ගමන් ගන්නා වාහනවලට මෙම පහර දීම සිදුකර ඇත. ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිලි අනුව සැකකරු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.
එම සැකකරුද කිසියම් හෝ පුද්ගලයකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇති අතර අංක අට අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ සැකකරු එළඹෙන 10 වෙනි දින දක්වා භාරයට පත් කර ඇත.
සැකකරු දැඩිව අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ තලංගම බටපොත පදිංචිකරුවෙකි. තලංගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද් පින්තූ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.