කොළඹ නෙළුම් කුළලුන පරිශ්රයේ පැවැති සංගීත ප්රසංගයක් නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසකට සහ අට්ටාලයකට මෙන්ම පොලිස් නිලධාරියෙකුට පහරදී රාජකාරියට ද බාධා කළ ශ්රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ශ්රී ලංකා නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන්නෙක් බව පොලිසිය පවසයි.
පුද්ගලයකු බීමතින් කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව නෙළුම් කුලුනු පරිශ්රය අසල නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී බැණ වැදී සාපරාදී බලහත්කාරය පා තිබූ බව පොලිසිය පවසයි.
අනතුරුව ඒ ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී ඇත. 37 හැවිරිදි සැකකරු මරදාන පොලිසිය වෙත භාරදී ඇත. මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.