115
පුද්ගලයකුට මන්නයකින් පහර දී තුවාල සිදු කළ බව කියන ‘රෝස බට්ටා’ නම්වූ අෙයකු අත්අඩංගුවට ගැනීමට බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බදුරලිය, ලත්පඳුරේ පදිංචි මල්ලවාරච්චිගේ සංජීව සම්පත් (37) නමැති අයෙකි.
තමා ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක රැකියාව කරන බවත්, බීමත්ව පැමිණි සැකකරු තමාට බැණ වැදීම නිසා තමා ඔහුට ඉදලකින් පහර දුන් බවත්, ඉන්පසු ඔහු මන්නයක් රැගෙනවිත් තමාට පහර දුන් බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.