Sunday, May 11, 2025
Home » ජනපතිට ගෙදර යන්නැයි නයිරෝබි නුවර විරෝධතා 

ජනපතිට ගෙදර යන්නැයි නයිරෝබි නුවර විරෝධතා 

පොලිස් වෙඩි පහරින් 39ක් මරුට තවත් 361කට තුවාල

by mahesh
July 4, 2024 1:00 am 0 comment

ජනතාවට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවන බදු ඇතුළත් මුදල් පනත ඉවත් කරගන්නා බවට ජනාධිපති විලියම් රූටෝ ප්‍රකාශ කළද, කෙන්යාවේ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එරට විරෝධතා යළි ආරම්භ වී ඇත්තේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් බවත්, නයිරෝබි අගනුවර සහ තවත් නගර ගණනාවක රජයට එරෙහි විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය ජූනි මස 8 වැනිදා සිට මේ දක්වා පැවති විරෝධතාවලදී පුද්ගලයන් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 361 දෙනකු තුවාල ලබා ඇතැයි කෙන්යාවේ මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට සහ තත්ත්වය පාලනය කිරීමට කෙන්යාවේ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇතැයි ද, ඉන් නොනැවතී ජීව උණ්ඩ යොදා විවෘත වෙඩි තැබීම් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. විරෝධතාකරුවන් වැඩිදෙනකු මියගොස් ඇත්තේ පොලිස් වෙඩි පහරින් බව ද වාර්තා වේ. විරෝධතාකරුවන් වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් තත්ත්වය තවත් බරපතළ වී ඇතැයි ද, පොලිසියේ ක්‍රියාකලාපයෙන් කුපිත වූ ජනතාව තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT