බුද්ධශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි 2024 සිට ඉදිරි වසර 3ක කාලසීමාව සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය පසුගියදා(ජූනි 28) ප. ව. 2.30ට පැවැත්විණි.කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ සහ කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාළ මහත්මියගේ මෙහෙයවීමෙන් හා ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේදී 11 වැනි වරටත් සීදූව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ නැවත වරක් නිතරගයෙන් ඒකමතිකව පත් කෙරිණි.
සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් 1990 සිට මේ දක්වාම අඛණ්ඩව නිතරගයෙන් සෑම නිලවරණයකදීම පත්වී ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් වසර 9ක් ද, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී වශයෙන් වසර 12ක් අඛණ්ඩව සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ අමිල මෙහෙවරක් ඉටුකළ හිමිනමකි.