Home » හෝමාගම රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට රැකියා පොළක්

හෝමාගම රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට රැකියා පොළක්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රැකියා පොළ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. කොට්ඨාසයේ රැකියා පුහුණු පාඨමාලා අපේක්ෂිත තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ මෙම වැඩසටහනට රැකියා ආයතන 16ක සහ වෘත්තීය පුහුණු ආයතන 04ක තරුණ තරුණියෝ 160 දෙනකු පමණ සහභාගී වූහ.

වෘත්තිය පුහුණු පාඨමාලාවේ වැදගත්කම සහ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳ වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී එම්.කේ.බී. අබේරත්න මහතාද, විදේශ රැකියාවන් සම්බන්ධයෙන් කාර්යාලයීය විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරී කුමුදු රණසිංහ මහත්මිය විසින්ද, ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරිනී එම්.ඒ.ටී.එස්. ප්‍රනාන්දු මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් පැමිණ සිටි පිරිස දැනුම්වත් කිරීම සිදු කරනු ලැබීය.

කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ නිපුනතා සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) නිලංක එන්. සම්පත්, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ශානිකා මායාදුන්නේ, දිස්ත්‍රික් සම්බන්ධීකරන නිලධාරී ආනන්ද විජේකෝන් යන මහත්ම මහත්මීන්ද, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් සහ කොළඹ දිස්ත්‍රික් මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වය හිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT