Sunday, May 11, 2025
Home » ඩුබායිහි රැකියා දෙනවා කියා රවටා ලක්ෂ 18ක් වංචා කළ තිදෙනකුට වැඩ වරදී

ඩුබායිහි රැකියා දෙනවා කියා රවටා ලක්ෂ 18ක් වංචා කළ තිදෙනකුට වැඩ වරදී

by mahesh
July 4, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී.කපිල

කුරණ, කටුනායක ප්‍රදේශයේ පවුලක් ඩුබායි වෙත රැකියා සඳහා යොමු කරන බව පවසා රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචනිකව ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (3) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචි පවුලක් ඩුබායිහි රැකියා සඳහා ගෙන්වා ගන්නා බව පවසා එරට රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවක විසින් රුපියල් ලක්ෂ 18ක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතියකගේ ගිණුමකට බැර කරවාගෙන ඇත.

මෙසේ ඩුබායිහි රැකියාවේ නිරත කාන්තාව මෙම මුදල් තමා විසින් ලබා දෙන බවත්, ඒවා යොදාගෙන ඔවුන්ගේ නිවෙස සාදාගන්නා ලෙසත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තම හිතවතිය වෙත දැනුම් දී තිබේ. මෙම ගනුදෙනුව පිළිබඳ සැක සිතූ කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත පැමිණිලි කර ඇති අතර ඒ අනුව එම විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරී පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම මුදල් තම ගිණුමට බැර කරවා ගත් යුවළ සහ මෙම පවුල ඩුබායි වෙත රැකියා සඳහා ගෙන්වා ගන්නා බවට පොරොන්දු වූ එරට රැකියාවේ නිරත කාන්තාව ද ගාල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන (66686) සේනාධීර, (101987) චතුරංග සහ කා.පො.කො (11939) අමාලි යන පොලිස් නිලධාරීහු සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT