384
ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා අලුතින් පත්ව පැමිණි ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් (David Sislen) හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ලෝක බැංකුවේ දකුණු ආසියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා කළමනාකාර ශියෝ කන්දා (Chiyo Kanda) සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී ජනාධිපතිවරයා සමඟ එම පිරිස ඡායාරූපයකට පෙනී සිටි අයුරු.