Friday, May 9, 2025
Home » කීර්ති­මත් අනා­ග­ත­ය­කට උරු­ම­කම් කීමට ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුව­ත්පත මනා පිටිව­හ­ලක්

කීර්ති­මත් අනා­ග­ත­ය­කට උරු­ම­කම් කීමට ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුව­ත්පත මනා පිටිව­හ­ලක්

ලේක්හ­වුස් සභා­පති, මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම්

by Gayan Abeykoon
July 5, 2024 1:00 am 0 comment

 වර්ත­මා­නය තුළින් කීර්ති­මත් අනා­ග­ත­ය­ක­ටද උරු­ම­කම් කිය­න්නට ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුව­ත්පත මනා පිටිව­හ­ලක් බව ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ සභා­පති, මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳ­හන් කළේ ලේක්හ­වුස් ආය­ත­නය රංගිරි දඹුලු ජාතික පාසල සමඟ අත්වැල් බැඳ­ග­නි­මින් දෙවැනි වර­ටත් නිකුත් කරනු ලබන ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුව­ත්පත ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පතිත්වය දරන එතුමාගේ සහ රංගිරි දඹුලු ජාතික පාසලේ විදු­හ­ල්පති ඩබ්.එම්.ජේ.බී. විජේ­සිංහ මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ලේක්හ­වුස් ආය­ත­න­යේදී ඊයේ (4) එළි­දැක්වූ අව­ස්ථා­වේ­දීය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා:

“ලේක්හ­වුස් ආය­ත­නයේ රාජ්‍ය සබ­ඳතා දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පළ කරනු ලබන විවිධ පුව­ත්පත් අතර තවත් එක් ප්‍රධාන පුව­ත්පත් සංක­ල්ප­යක් තමයි මේ පාසල් නිල පුව­ත්පත් පළ කිරීම. මේ නිල පුව­ත්ප­ත්වල පළමු පුව­ත්පත අප සකස් කළේ රංගිරි දඹුලු ජාතික පාසල සම­ඟයි. ඒ වගේම දෙවැනි කලා­ප­යක් පළමු වරට එළි දක්ව­න්නේත් රංගිරි දඹුලු ජාතික පාස­ලයි. ඒ වගේම මේ පුව­ත්පත බලන විට මම දැක්කා විදු­ බි­මක් වැඩ ­බි­මක් කළ දඹුලු දරුවෝ කියලා මේක තේමා කර තිබෙ­නවා. විදු­හ­ල්ප­ති­තු­මාගේ සම්මුඛ සාක­ච්ඡා­වේ­දීත් මම ඒක දැක්කා. ඔයාලා දක්ෂතා රැසක් තිබෙන දරුවෝ. මොකද, මේ පුව­ත්පත පෙර­ළා­ගෙන යද්දී මම දැක්කා එක ක්ෂේත්‍ර­ය­කට පම­ණක් සීමා නොවී සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම ගමන් කරන බව.

ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය මහා­චාර්ය එච්.එච්.ඩී.එන්. ඕපාත මහතා ඇතුළු ශක්ති­මත් ආදි ශිෂ්‍ය පර­ම්ප­රා­වක් ද සහි­තව පැවැත එන ඔයා­ලාට බැහැර කරන්න බැරි යුතු­ක­මක්, වග­කී­මක් තිබෙ­නවා. ඒ කීර්ති­මක් අතී­තය ඉදි­රි­යට ගෙන යෑමයි. ඒ වගේම මේ පුව­ප­ත්පත බලන කොට පේනවා ඔයා­ලාට හොඳ වර්ත­මා­න­යක් තිබෙ­නවා. ඒ වගේම ඒ වර්ත­මා­නය තුළින් කීර්ති­මත් අනා­ග­ත­ය­ක­ටද උරු­ම­කම් කියන බව ඉතා­මත් පැහැ­දි­ලියි. ඒ නිසා මේ ඉන්නේ අංකුර මාධ්‍ය­වේ­දීන්. මේ අංකුර මාධ්‍ය­වේ­දීන්ට ලේක්හ­වුස් ආය­ත­නය තෝතැ­න්නක්.”

මේ අව­ස්ථා­වට සහ­භාගි වූ ලේක්හ­වුස් ආය­ත­නයේ මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නව­රත්න මහතා:

“ඇත්ත­ටම රංගිරි දඹුලු විද්‍යා­ලය පිළි­බඳ අප ආඩ­ම්බර වෙනවා. ඒ අප මේ පාසල් නිල පුව­ත්පත් සංක­ල්පයේ පෙර­ග­ම­න්ක­රුවා විදි­හට කට­යුතු කිරීම සම්බ­න්ධව. අප ඉන්නේ 21 වැනි සිය­වසේ. මේ ඉන්න දරුවෝ 21 වැනි සිය­ව­සට ගැළ­පෙන දරුවෝ වෙන්න නම්, තිබිය යුතු ගුණාංග රැසක් තිබෙ­නවා. ඒ අතර විච­ක්ෂ­ණ­ශීලී චින්ත­නය හා ගැටලු විස­ඳීමේ හැකි­යාව, නිර්මා­ණ­ශී­ලී­ත්වය, නවෝ­පා­ද­නය හා ව්‍යව­සා­ය­කත්ව හැකි­යාව, සහ­යෝ­ගි­තාව, සාක්ෂ­ර­තාව, ජීවන කුස­ලතා හා සන්නි­වේ­ද­නය ප්‍රධාන වෙනවා. මෙන්න මේ දේවල් සියල්ල ඔබ මේ පුව­ත්පත නිර්මා­ණය කිරීම මඟින් ලබා­ගත්තා. මේ ලබාගත් අත්දැ­කීම් පාස­ලට පම­ණක් නොවෙයි, අනා­ග­ත­යේදී මේ දරු­වන් රැකි­යාව නියැ­ළු­ණත්, ව්‍යාපා­ර­යක්, පර්යේ­ෂ­ණ­යක් කළත් මේ දේවල් ඉතා වටි­නවා. මේ හරහා හිතලා බැලු­වම 21 වැනි සිය­ව­සට ගැළ­පෙන දරු­වකු නිර්මා­ණය කර­න්නට මේ සංක­ල්පය ලොකු පිටු­බ­ල­යක් සප­ය­නවා.”

රංගිරි දඹුල්ල ජාතික පාසල් විදු­හ­ල්පති ඩබ්.එම්.ජේ.බී. විජේ­සිංහ මහතා:

“අප අධ්‍යා­ප­න­යෙන් බලා­පො­රොත්තු වන්නේ දැනුම කුස­ලතා ආක­ල්ප­ව­ලින් පරි­පූර්ණ වුණු දරු­වකු සමා­ජ­යට දායාද කර­න්නයි. එහෙම දුන් අව­ස්ථා­වක් තමයි අද මේ විදු­පි­යස පුව­ත්පත මඟින් රට­ටම කියන්නේ. අපි අපේ පළ­මු­වැනි කලා­ප­යෙන් පාසල පිළි­බඳ ගොඩක් දේවල් කතා කළා. එහෙත් දෙවැනි කලා­ප­යෙන් අප බලා­පො­රොත්තු වුණේ, අධ්‍යා­පන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙන­ස්කම් මොන­වාද කියන දේ පිළි­බ­ඳව අනෙ­කුත් පාස­ල්ව­ල­ටත් ආද­ර්ශ­ක­යක් දෙන්නයි. දැනුම කියන දේ පාස­ලෙන් මෙන්ම විවිධ ආකා­ර­ව­ලින් දරු­වන්ට ලැබෙ­නවා. එහෙත් නිපු­ණතා කියන දේ දරු­වන් තුළ ගොඩ­නැ­ඟීම පිළි­බඳ ගැට­ලු­වක් පව­ති­නවා. ඉතින් මෙවැනි දේ හරහා අපි නිර­තුරු උත්සාහ ගන්නේ හොඳ නිපු­ණ­තා­වක් තිබෙන දරු­වකු නිර්මා­ණය කර­න්නයි. විදු බිමක් වැඩ ­බි­මක් කළ දඹුලු දරුවෝ කියන සංක­ල්පය මත විදු පියස පුව­ත්පත ශ්‍රී ලංකාවේ පළ­මු­වැනි වතා­වට බිහි වුණේ, මෙන්න මේ නිපු­ණ­තා­වෙන් පිරි­පුන් දරු­වන් බිහි කිරීමේ උත්සා­හයේ තවත් අදි­ය­රක් ලෙසයි. ඒ වගේම දෙවැනි කලා­ප­යෙන් නතර නොවී, මෙහි තුන්වැනි කලා­ප­ය­කුත් නිකුත් කරී­මට සියලු කට­යුතු මේ වන විට සූදා­නම් වෙමින් පව­තින බව මේ අව­ස්ථා­වේදී සතු­ටින් ප්‍රකාශ කරන්න කැම­තියි.”

‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුව­ත්පත ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා විසින් රංගිරි දඹුලු ජාතික පාසලේ විදු­හ­ල්පති ඩබ්.එම්.ජේ.බී. විජේ­සිංහ මහ­තාට පිළි­ග­න්වනු ලැබීය.

රංගිරි දඹුලු ජාතික පාසලේ සහ­කාර විදු­හ­ල්පති පූජ්‍ය මල්වානේ විම­ලා­නන්ද හිමි, ලේක්හ­වුස් ආය­ත­නයේ මෙහෙ­යුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකු­ඹුර, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි මුදල් (වැ.බ) ඩී.එම්. ධන­සේන, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා, රාජ්‍ය සබ­ඳතා දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධානි හා කළ­ම­නා­ක­රණ කර්තෘ සමන්ත කරු­ණා­සේ­කර, රංගිරි දඹුලු ජාතික පාසලේ අචාර්ය මණ්ඩ­ලයේ යමුනා ලක්මිණි ආරි­ය­සිංහ, ඩබ්.ජී.ඩී.එස්. නව­රත්න, ආර්.එම්.ජේ.එස්. කුමාර, ආර්.එස්. මීරි­ය­ගල්ල යන මහත්ම මහ­ත්මීහු, විද්‍යා­ල­යීය ආදි ශිෂ්‍ය සංග­මයේ ලේකම් ලක්මාල් පෙරේරා සමඟ සිසු සිසු­වියෝ පිරි­සක් සහ­භාගි වූහ.

ඡායා­රූප – වාසිත පට­බැ­ඳිගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT