ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් ගොඩනැඟිල්ලක් අත්පත් කරගැනීමේ චෝදනාවකට අදාළව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය හමුවේ ඊයේ (4) පෙනී සිටියේය.
ජාතික කම්කරු සංගමයේ උප සභාපති තිලක් ධර්මසිරි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ, සිරිල් ආනන්දසිරි, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්ල සහ අමාලි කළුපහන අදාළ ගොඩනැඟිල්ල ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් වසර තුනකට බදු දීමට සම්බන්ධ වී ඇති බවට ජාතික කම්කරු සංගමයේ උප සභාපතිවරයා පැමිණිලි කර තිබේ.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ නිරෝෂන් පීරිස් මහතා ප්‍රකාශ කළේ, “වංචාව ලක්ෂ 36යි. මේක නැෂනල් වර්කස් ඉන්ටිටියුට් ට්‍රස්ට් කියන එකට අයිති එකක්. වසන්න සමරසිංහයි ආනන්ද සිරි කියල කෙනෙකුයි මේක මහින්දවංශ ජයසිංහ හා රන්ජන් ජයලාල් කියන දෙන්නට මේක අවුරුදු තුනකට බදු දෙනවා. සමහර ඔප්පු කැන්සල් කරනවා.” යනුවෙනි.