එස්. අයි. සමරක්කොඩි විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වන්ටේක් චිත්රපටය වන ‘හේලෝ’හි රූගත කිරීම් පසුගිය 28 දින හම්බන්තොට ප්රදේශයේදී අවසන් කෙරිණ. මෙහි කැමරාව සිසිකිරණ පරණවිතානයි. තිර රචනය චාලක රණසූරිය, නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රදීප් කේ. රාජපක්ෂ, සහාය අධ්යක්ෂණය නිරෝෂන් එදිරිසිංහ, කලා අධ්යක්ෂණය අකුරම්බොඩ පියතිස්ස, වේශ නිරූපණය රන්දික ටිශාන්ගෙනි. එස්.අයි. සමරක්කොඩි, මධුශාන් හත්ලහවත්ත, සංජීව දිසානායක, තිලාන් වර්ණජිත්, අමා විජේසේකර, දුලංජ දිල්ශාන්, අමිල සඳරුවන්, ඉමා වීරසූරිය, කුසුම්සිරි මුණසිංහ, මේතික නවින්, ලක්මාල් ගජනායක, රෝහණ මුතුකුමාරණ රංගනයෙන් දායක වෙති.