200
ළමා පරපුර අතර උපුල් මාමා නමින් ජනාදරය දිනූ ආචාර්ය උපුල් වීරසිංහ සමඟ තාරක අධිකාරි අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා නිර්මාණය “සිහින සරුංගල්” මුහුරත් උලෙළ අද උදේ 9.00ට රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් උත්සව ශාලාවේදී පැවැත්වේ. තිර රචනය භාෂ්වර කරුණාරත්න විසිනි. සංගීතය කිත්සිළු වික්‍රමසිංහගෙනි. කැමරාව මංජුල පත්මකුමාරගෙනි. සංස්කරණය ශාන් අල්විස්ගෙනි. සහාය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහගෙනි. රොෂාන් රණවන, හේමසිරි ලියනගේ මෙතික සෙනරත්, ක්ලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මනෝහාරි විමලතුංග, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, කුමාර තිරිමාදුර ඇතුළු නළු නිළියෝ රැසක් රඟ දක්වති.