172
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධනගේ නිෂ්පාදන සංකල්පයක් වන කලාකීර්ති සනත් අබේසේකරගේ නවතම සිනමා නිර්මාණය “මුල්ලේරියා සටන” සමාරම්භක උත්සවය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පසුගිය දින කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදී පැවැත්වණි. සිනමා අධ්යක්ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහ රංගනයෙන් දායක වන නළු නිළියන් කලාකරුවන්, ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය මේ සඳහා සහාභාගි වූහ.