371
චරිතාංග රංගන ශිල්පී පුබුදු ගමගේ ගේ STARBORN රංගන ආයතනයේ නවතම නිර්මාණයක් වන “උපාදාන” කෙටි චිත්රපටයේ මංගල දර්ශනය පසුගියදා තලවතුගොඩ ඔස්ටේශියාහිදී ප්රදර්ශනය කෙරුණි. මෙයට දායක වූ බොහෝ දෙනකු පුබුදු ගමගේ මහතාගේ සිසුන්ය. දිනුක සචින්තනගේ කුළුඳුල් කැමරාකරණයෙන් හැඩගැන්වුණුමෙහි කළමනාකරණ අධ්යක්ෂ ගයාන් බුද්ධි විසිනි. STARBORN Film & Television Acting Academy හරහා කුඩා කල සිටම දරුවන්ට රූපවාහිනී හා සිනමා රංගනය, හඬ පුහුණුව, තිර රචනය, අධ්යක්ෂණය හා කැමරාකරණය පිළිබඳව ඉගැන්වීම් සිදු කෙරේ. දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳ වැඩසටහන් රැසක් ද මෙහි සිදු කෙරේ.