158
එච්. ආර්. ජෝතිපාල මහතාගේ 37වන ගුණ සමරුව වෙනුවෙන් සිදු කෙරෙන වාර්ෂික පිංකම මෙවරත් (08) දා පිටකොටුව මල්වත්ත පාර, ජයනන්දන සීඩි මියුසික් වර්ල්ඩ් ඉදිරිපිට සිදු කිරීමට කටයුතු සංවිධාන කර තිබේ.
එච්. ආර්. ජෝතිපාල මහතාගේ වැඩිම කැසට්පට හා සංයුක්ත තැටි වැඩිම ප්රමාණයක් නිෂ්පාදනය කර තිබෙන ජයනන්දන සීඩි මියුසික් වර්ල්ඩ් අධිපති ඩබ්ලිව්. ජේ. ද අල්විස් (ජයනන්දන) මහතා විසින් මේ පිංකම පුරා වසර 37ක් තිස්සේ සිදු කරන්නේය. ඉදිරියේ නිෂ්පාදනය කරන හොඳ සිනමා නිර්මාණ සඳහා ජෝතිපාල මහතාගේ ගීත නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙළක්ද සිදු කිරීමට අදහස් කරයි.