Home » ඇල්පි­ටිය PHI ඝාත­නයේ වෙඩි­ක්කරු අත්අ­ඩං­ගු­වට

ඇල්පි­ටිය PHI ඝාත­නයේ වෙඩි­ක්කරු අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
July 5, 2024 12:50 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ / අෂ්රෆ් ඒ. සමද් දෙහි­වල - ගල්කිස්ස විශේෂ වාර්තා­කරු

ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික දීපාල් රොෂාන් කුමාර විතා­නා­රච්චි මහ­තාට වෙඩි තැබූ වෙඩි­ක්කරු අත්අ­ඩං­ගු­වට ගත් අතර, වෙඩි තැබී­මට භාවිත කළ ගිනි­අ­විය ද සොයා­ගත් බව ගල්කිස්ස පොලි­සිය සඳ­හන් කරයි.

කර­න්දෙ­ණියේ හිත­හොඳ දොස්තර, පොලිස් පරී­ක්ෂක බාලේ­න්ද්‍ර­සීහ, වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් ඇතුළු දකුණේ ඝාතන ගොන්න­කට වග­කිව යුතු බව කියන ඩුබා­යිහී රැඳී සිටින බව කියන කර­න්දෙ­ණියේ සුද්දා නමැති පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ මෙහෙ­ය­වීම මත මෙම ඝාත­නය සිදු කර ඇති බව විම­ර්ශ­න­යේදී පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

පොලිස් පරී­ක්ෂක බාලේ­න්ද්‍ර­සීහ ඝාත­නයේ වෙඩි­ක්ක­රුද මෙම සැක­කරු බවට සැක    කරන තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බැවින් එය තහ­වුරු කර ගැනී­මට විම­ර්ශන පැවැ­ත්වෙන බවද එම නිල­ධා­රියා කීය.

අත්අ­ඩං­ගු­වට ගෙන සිටින වෙඩි­ක්ක­රුව මෙම ඝාත­නය සඳහා මෙහෙ­යවා ඇත්තේ කර­න්දෙ­ණිය සුද්දාගේ ප්‍රධාන ගෝල­යෙක් වන සමන් කොල්ලා නමැත්තා බවද එම නිල­ධා­රියා කීය. සමන් කොල්ලා ද සිටින්නේ ඩුබා­යි­හිය.

ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික දීපාල් රොෂාන් කුමාර විතා­නා­රච්චි මහ­තාගේ ඝාත­නය සිදු කළේ කුමන අර­මු­ණ­කි­න්දැයි පැහැ­දි­ලි­වම මෙතෙක් හෙළි වී නැත. එහෙත් වෙඩි­ක්ක­රුට මෙම ඝාත­නය සඳහා රුපි­යල් ලක්ෂ 11ක මුද­ලක් ලැබී ඇති බව විම­ර්ශ­න­යේදී හෙළි වී තිබෙන බව පොලි­සිය කියයි. එම මුදල වෙඩි­ක්ක­රුගේ බිරි­යගේ ගිණු­මට බැර වී ඇති බව ද කියයි. එම මුදල් බැර වී ඇත්තේ මුලින් රුපි­යල් ලක්ෂ 08ක් වශ­යෙන් සහ පසුව රුපි­යල් 5,000, 10,000, 15,000, 20,000 වශ­යෙන් බව පොලි­සිය කියයි. පෙබ­ර­වාරි මාසයේ සිට එම මුදල් බැර වී තිබෙන බවත් විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.

දැඩි ආන්දෝ­ල­න­ය­කට තුඩු­දුන් ඝාත­න­යක් වන ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික දීපාල් රොෂාන් කුමාර විතා­නා­රච්චි මහ­තාගේ ඝාත­නය සිදු­වූයේ පසු­ගිය පෙබ­ර­වාරි 26 වැනිදා උදෑ­සන කාල­යේ­දීය. යතු­රු­පැ­දි­ය­කින් පැමිණ මෙම ඝාත­නය සිදු­කර තිබුණේ සිය දරුවා පාස­ලට රැගෙන යෑමට ඔහු සූදා­න­මින් සිටි­ය­දීය.

මෙම ඝාත­න­යට පැහැ­දිලි නිශ්චිත හේතු­වක් පොලි­සි­යට සොයා­ගැ­නී­මට මූලික විම­ර්ශ­න­ව­ලින් මෙන්ම අද­ටත් නොහැකි වී ඇත.

මෙම ඝාත­නය සම්බ­න්ධ­යෙන් මූලික විම­ර්ශන ඇල්පි­ටිය පොලිස් කොට්ඨා­සයේ පොලිස් කණ්ඩා­යම් 04ක් සිදු කරනු ලැබීය. ඝාත­නය වූ දින සැක­ක­ට­යුතු යතු­රු­පැ­දි­යක් ගිනි තබා තිබි­යදී හමු වූ අතර, එය ඝාත­කයා පැමිණි යතු­රු­පැ­දිය බවට සැක කෙරේ. ගිනි­ගත් එම යතු­රු­පැ­දියේ චැසි අංකය හා එංජින් අංකය මකා දමා තිබී ඇත. යතු­රු­පැ­දි­යක ඉදි­රි­පස හා පිටු­පස අංක තහඩු ද යතු­රු­පැ­දිය ගිනි­ගත් ස්ථානය අසල ඇති වතුර වළක තිබී පොලිස් විශේෂ කාර්ය බළ­කාය එදි­නම සොයා­ගෙන ඇත.

මෙම ඝාත­නය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට නොගැ­නීම හේතු­වෙන් මෙම ඝාත­නය සිදුව මසක් ගතවූ දින මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන් සාම­කාමී උද්ඝෝ­ෂ­ණ­යක්ද මාර්තු 28 වැනිදා පව­ත්වනු ලැබීය. එම උද්ඝෝ­ෂ­ණ­යත් සමඟ මෙම ඝාතන විම­ර්ශ­නය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රනු ලැබීය.

මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව තමාට පව­ර­මින් සමන් කොල්ලා පව­සනු ලැබුවේ විශ්‍රා­මික පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට වැඩක් දෙන්නට ඇතැයි කියා බවද ප්‍රශ්න කිරීම් හමුවේ වෙඩි­ක්කරු පවසා ඇත.

මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ නිවස ආස­න්න­යේම නිව­සක දකුණේ පොලිස් ස්ථාන­යක සේවයේ නිරත උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් පදිං­චිව සිටින බැවින් ඝාතන කොන්ත්‍රා­ත්ක­රුගේ ඉල­ක්කය එම නිල­ධා­රියා වී දැයි සැක­යක්ද මෙහිදී පැන නැඟී ඇත. උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සුවේ එම නිල­ධා­රියා පොලිස් සේවයේ තව­දු­ර­ටත් සිටින නිසාත් ඔහු උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් නිසාත් ඝාතන ඉල­ක්කය ඔහු නොවන බවය. වෙඩි­ක්කරු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් යැයි කියා තමාට ලබා­දුන් ඡායා­රූ­පයේ සිටියේ තමා වෙඩි තැබූ පුද්ග­ලයා බවය. ඒ අනුව වෙඩි­ක්ක­රුට ඉල­ක්කය වැරදී නොමැති බව පැහැ­දිලි බව උසස් පොලිස් නිල­ධා­රියා කීය.

පොලිස් තොර­තුරු සඳ­හන් කරන ආකා­ර­යට අනුව මෙම වෙඩි­ක්කරු ගල්කිස්ස පොලී­සි­යට හසුවී ඇත්තේ පසු­ගිය 22 වැනිදා අහඹු ලෙසිනි. ඒ හෙරො­යින් මිලි­ග්‍රෑම් 2200ක් සම­ඟය. ඇහැ­ලි­ය­ගොඩ මුල් පදිං­චි­ක­රු­වෙක් වන මෙම පුද්ග­ලයා වයස අවු­රුදු 51ක් වන අයෙකි. පැපි­ලි­යාන සල්මල් මාවතේ මේ වන විට පදිං­චිව සිටින ඔහුව හසුවී ඇත්තේ බඩෝ­විට ප්‍රදේ­ශ­යේ­දීය. පැපි­ලි­යානේ නිවස රුපි­යල් 40,000ක කුලි­ය­කට ඔහු පදිං­චි­යට පැමිණ ඇත්තේ අත්අ­ඩං­ගු­වට ගැනී­මට සති දෙක­කට පෙර බවද අනා­ව­ර­ණය වී ඇත. එම නිවෙසේ ඔහු පදිං­චිව සිය ඇත්තේ සිය බිරිඳ හා දිය­ණිය හා පුතුන් දෙදෙනා සම­ඟිනි. ගිනි­අ­විය සොයා­ගෙන ඇත්තේ එම නිවෙසේ තිබිය දී බවද පොලි­සිය කියයි. එම අවිය මිලි මීටර් 09 වර්ගයේ එකක් බවත් එහි පත­රොම් 10ක්ද තිබුණු බවත් සඳ­හන්ය.

ප්‍රශ්න කිරී­මේදී මෙම සැක­කරු හෙළි කර ඇත්තේ තමා වෙඩි තැබුවේ විශ්‍රා­මික පොලිස් නිල­ධා­රි­ය­කුට නොව, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට බව දැන­ගන්නේ රූප­වා­හි­නියේ සහ පත්ත­ර­වල ප්‍රවෘ­ත්ති­ව­ලින් බවය.

කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් 2019 වස­රේදී පොලි­සි­යට හසුවී ගාල්ල බන්ධ­නා­ගා­රයේ සිටි­යදී දැන හඳු­නා­ගත් අයෙක් මඟින් මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව තමාට ලැබුණු බවද ඔහු පවසා ඇත. ඊට අවශ්‍ය ගිනි­අ­විය මෙන්ම පහ­සු­කම්ද තමාට ඩුබායි සිටින අයගේ මෙහෙයැ වීම මත ලැබුණු බවද ඔහු අනා­ව­ර­ණය කර ඇත. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­යාගේ ඝාත­නය සිදු කළේ දින 15ක් ඌර­ග­ස්මං­හ­න්දියේ ගල්පො­ත්තා­වෙල නිවෙ­සක රැදී සිට බවය. අවශ්‍ය හැම පහ­සු­ක­මක්ම ඩුබායි සිට තමාට ඇම­තුම් දුන් පුද්ග­ලයා ලබා­දුන් බවද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත. එම නිවසේ ජීවත්ව සිට ඇත්තේ අඹු­සැමි යුව­ළක් සහ එම යුව­ළගේ දරුවා බවද ඔහු පවසා තිබේ. එම දරුවා පිරිමි දරු­වෙක් බවත් ඔහු තරු­ණ­යෙක් බවත් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ ඝාත­න­යෙන් දින කිහි­ප­ය­කට පසු එම තරු­ණයා ඩුබායි බලා පලා­ගොස් ඇතැයි ද අනා­ව­ර­ණය වී තිබේ. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රුගේ තොර­තුරු මත අඹු­සැමි යුව­ළද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔවුන් කර­න්දෙ­ණිය සුද්දාගේ සහ සමන් කොල්ලාගේ සමී­ප­ත­ම­යන් බව පෙනී ගොස් තිබේ.

පෙබ­ර­වාරි 26 වැනිදා උදෑ­ස­නම තමාට අඹු­සැමි යුව­ළගේ පුතා යතු­රු­පැ­දි­යක් ගෙන­විත් දුන් බවත් තමා එහි නැඟී මඳ දුරක් ගමන් කරන විට අත­ර­ම­ඟදී පුද්ග­ල­යෙක් හමුවූ බවත් එතැන් සිට යතු­රු­පැ­දිය පද­වනු ලැබුවේ එම පුද්ග­ලයා බවත් සැක­කරු ප්‍රශ්න කිරී­මේදී පවසා ඇත. එම පුද්ග­ලයා කවු­රු­න්දැයි තමා නොදන්නා බව ඔහු පවසා තිබේ. සියලු සම්බ­න්ධී­ක­රණ කට­යුතු ඩුබායි සිට දුර­ක­තන ඇම­තු­මක් දෙමින් පවසා තිබේ. යතු­රු­පැ­දි­කරු ඉල­ක්ක­යට යන මාර්ගය නිශ්චිත ලෙස නොදැන සිටි බවත් ඩුබායි සිට ගමන් කළ යුතු මාර්ගය දැක්වෙන වීඩි­යෝ­වක් තමාට වට්ස්ඇප් කර එවූ බවත් ඒ ඔස්සේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ නිව­සට ගොස් ඝාත­නය සිදු­කළ බවත් අත්අ­ඩං­ගුවේ පසු­වන අය පව­සන බව පොලි­සිය කියයි. මාර්ගය දැක්වෙන වීඩි­යෝ­වට අම­ත­රව ඝාත­නය කළ යුතු අයගේ ඡායා­රූ­ප­යක්ද තමාට යොමු කළ බවත් තමා ඒ ඡායා­රූ­පයේ සිටි පුද්ග­ල­යා­ටම වෙඩි තැබූ බවත් ඔහු පවසා ඇත.

ඩුබායි සිට මෙම පුද්ග­ල­යාට වට්ස්ඇප් පණි­වුඩ ලබා දෙමින් ඔහුව මෙහෙ­ය­වී­මට යොදා­ගත් දුර­ක­ත­නය ද පොලි­සිය සොයා­ගෙන තිබේ. මකා දමා ඇති එහි දත්ත මතු­කර ගැනී­මට එම දුර­ක­ත­නය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ භාර දී තිබේ.

මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාට වෙඩි තැබී­මෙන් අන­තු­රුව අත­ර­ම­ඟින් යතු­රු­පැ­දි­යෙන් බැස ත්‍රිරෝද රථ­ය­කට ගොඩවී ප්‍රධාන මාර්ග­යට ගොස් මාතර බලා යන බස් රථ­ය­කින් මාත­රට ගිය බවද ඔහු පවසා ඇත. අන­තු­රුව වැල්ල­වා­යට ගොස් එහි හේනක ඇති වාඩි­යක සැඟවී සිට නැවත පැමිණ ඇත්තේ පැපි­ලි­යානේ නිවස කුලි­යට ගැනීම සඳ­හාය. එතෙක් ඔහුගේ බිරිඳ හා දරු­වන් පදිං­චිව සිට ඇත්තේ කහ­තු­ඩුවේ බවද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ. ඌර­ග­ස්මං­හ­න්දි­යට ගොස් කළ විම­ර්ශ­න­යේදී සැක­ක­රු­ගෙන් ලද තොර­තුරු මත කුඩා වන ළැහැ­බක සඟවා තිබී ඉතා­ලියේ නිෂ්පා­දිත මිලි­මී­ටර් 08 වර්ගයේ ගිනි­අ­වි­යක් ද අත්බෝ­ම්බ­යක් ද සොයා­ගත් බව ද පොලි­සිය කියයි.

මෙම සැක­කරු සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් පරී­ක්ෂණ පැවැ­ත්විය යුතු බවත් ඩුබායි සිට ඔහුව මෙහෙ­යවූ අය ගැන මෙන්ම මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා ඝාත­නය කිරීමේ සැබෑ හේතුව පවා හෙළි කර ගැනී­මට ඇති බවත් වෙඩි තැබුවේ සැබෑ ලෙසම මෙම පුද්ග­ල­යා­ගෙන් සොයා­ගත් ගිනි­අ­වි­යෙ­න්ම­දැයි සැක හැර දැන­ගැ­නී­මට රස පරී­ක්ෂක වාර්තා කැඳ­විය යුතු බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. ඝාත­කයා අත්අ­ඩං­ගු­වට ගත්තත් මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාගේ ඝාත­න­යට හේතුව තව­මත් ඇත්තේ අබි­ර­හ­සක් ලෙස බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

බස්නා­හිර පළාත් දකුණු දිසා නියෝජ්‍ය පොලි­ස්පති ගයාන් මාර­පන, ගල්කිස්ස කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් පුෂ්ප­කු­මාර යන මහ­ත්ව­රුන්ගේ අධී­ක්ෂ­ණ­යෙන් ගල්කිස්ස මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දිලීප සී. පෙරේරා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් පරී­ක්ෂක චමින්ද කූර­ඹගේ , පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන චතු­රංග (67091), පිය­සිරි (34274), වීර­සේ­කර (25426), දක්ෂණ (105087), සලේ (104776) සහ පොලිස් කොස්තා­පල් රියැ­දුරු රංගන (89863) යන නිල­ධා­රින් විම­ර්ශන පවත්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT