නීති විරෝධි ලෙස ධීවර කටයුතු කළ පුද්ගලයන් 38 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රිකුණාමලය ඉරනකේනි, නිලාවේලි, මුලතිව් කෝකිලායි, වෙත්තලකේනි චලෙයි, එරක්කන්ඩි සහ ත්‍රීකුණාමලය එළිසබෙත් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 38ක් සමඟ ඩිංගි යාත්‍රා 07ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ඒ අනුව, පසුගිය ජුනි මස 30 වන දින නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රිකුණාමලය, ඉරනකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 04 දෙනකු සමඟ එක් ඩිංගි යාත්‍රාවක් ද, ජුලි මස 01 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය, නිලාවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිදෙනකු සමඟ එක් ඩිංගි යාත්‍රාවක් ද, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය, රන්වැලි සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝනය එක්ව මුලතිව් කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 08 දෙනකු සමඟ එක් ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඊට අමතරව පෙරේදා (03) උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි ආයතනය මඟින් චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 08 දෙනකු සමඟ ඩිංගි යාත්‍රා දෙකක්ද, නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනය මඟින් ත්‍රිකුණාමලය එරක්කන්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 07 දෙනකු සමඟ එක් ඩිංගි යාත්‍රාවක් සහ නාවික තටාකාංගණය මඟින් ත්‍රිකුණාමලය එළිසබෙත් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් අට දෙනකු සමඟ එක් ඩිංගි යාත්‍රාවක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 48ත් අතර වයසේ පසුවන කුච්චවේලි, නිලාවේලි, පුල්මුඩේ, එරක්කන්ඩි, ත්‍රිකුණාමලය, කින්නියා, වැලිඔය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙන අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය, යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ත්‍රිකුණාමලය සහ කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලයන් වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට පියවර ගෙන ඇත.