Home » රුසි­යාවේ විශ්ව­වි­ද්‍යා­ල­ය­කට සිසුන් යවන ආය­ත­න­යක් පව­ත්වා­ගෙන ගිය කාන්තා­වක් රිමාන්ඩ්

රුසි­යාවේ විශ්ව­වි­ද්‍යා­ල­ය­කට සිසුන් යවන ආය­ත­න­යක් පව­ත්වා­ගෙන ගිය කාන්තා­වක් රිමාන්ඩ්

by Gayan Abeykoon
July 5, 2024 12:49 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

නීති­ඥ­ව­රි­යක  බව අඟ­ව­මින් විදේශ අධ්‍යා­ප­නය සඳහා සිසුන් යොමු කරන ආය­ත­න­යක්  ගාලු මුව­දොර   පව­ත්වා­ගෙන ගිය කාන්තා­වක් ලබන 9 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා ඊයේ (04) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ රුසි­යානු භාෂා විදේශ අධ්‍යා­පන ආය­ත­න­යක හිමි­කා­රි­නි­යක් වන මනෝ­හාරි පර­මේ­ෂ්ව­රන් නමැති කාන්තා­වකි.

සැක­කාර කාන්තාව  රුසි­යානු රාජ්‍ය විශ්ව­වි­ද්‍යා­ල­යක රුසි­යානු භාෂාව ඉගෙන ගැනී­මට යවන බව පවසා රුපි­යල් විසි­පන් ලක්ෂ අනූ දහ­සක මුද­ලක් වංචා කළ බවට ටෝනි ප්‍රනාන්දු යන අයකු සිදු කළ පැමි­ණි­ල්ලක් කැඳවූ අව­ස්ථා­වේදී  සැක­කාර කාන්තා­වට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම මහේ­ස්ත්‍රා­ත්ව­රයා ප්‍රති­ක්ෂේප කළේය.

එම මුදල් ලබා­ගෙන මාස තුනක සංචා­රක වීසා මත පැමි­ණි­ලි­කරු සිසුන් රුසි­යානු රාජ්‍ය­යට යවා ඇති අතර, මාස තුනක වීසා පම­ණක් ලබා තිබීම හේතු­වෙන් ඔහු එරට ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙර­ටට පිටු­ව­හල් කර ඇති බව ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­වරු  අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යහ. අධ්‍යා­පන ආය­ත­න­යක් පව­ත්වා­ගෙන ගොස් තිබෙන්නේ ඇය නීති­ඥ­ව­රි­යක ලෙස පෙනී සිටි­මින් බවත් එලෙස පව­ස­මින් පැමි­ණි­ලි­ක­රුට බැණ වැදී ඇති බවත් පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර, ඒ බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ලිඛි­තව විමසා සිටි අව­ස්ථා­වේදී ඇය නීති­ඥ­ව­රි­යක නොවන බවට දන්වා ඇතැ­යිද ඔවුහු අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT