Home » ඓති­හා­සික රුහුණු කත­ර­ගම ඇසළ මංගල්‍යය හෙටින් ඇරඹේ

ඓති­හා­සික රුහුණු කත­ර­ගම ඇසළ මංගල්‍යය හෙටින් ඇරඹේ

by Gayan Abeykoon
July 5, 2024 3:04 am 0 comment

ඩී. එස්. ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ

ඓති­හා­සික රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06) දිනෙන් ආරම්භ කෙරේ. හෙට සිට දින­පතා පෙර­හර පැවැ­ත්වෙන අතර, අව­සාන මහ පෙර­හර 21 වැනිදා වීදි සංචා­රය කෙරේ. 22 වැනිදා අලු­යම මැණික් ගඟේ දිය කැපී­මෙන් පසු උත්සව කට­යුතු නිමා­වට පත්වේ.

උතුරු නැඟෙ­න­හිර ප්‍රදේ­ශ­වල සිට පාද යාත්‍රා­වෙන් පැමි­ණෙන බැති­ම­තුන් මේ දින­වල කුමන සහ යාල වනෝ­ද්‍යාන හරහා කත­ර­ගම පුද­බි­මට පැමි­ණෙ­මින් සිටිති. වාර්ෂි­කව පහ­ළොස් දහ­ස­කට අධික බැති­ම­තුන් පිරි­සක් මෙලෙස පැමි­ණෙති.

ඉකුත් 03 වැනිදා ආර­ක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන් මහතා පාද යාත්‍රා­වෙන් පැමි­ණෙන බැති­මත්හු සමඟ එක්වී පුද­බි­මට පැමි­ණි­යහ. මේ අව­ස්ථා­වේදී බස්නා­යක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍ර­ම­රත්න ගුණ­සේ­කර මහතා විසින් රාජ්‍ය ඇමැ­ති­ව­රයා පිළි­ගනු ලැබීය.

මෙවර ඇසළ මංගල්‍ය අති­උ­ත්ක­ර්ෂ­වත් ලෙස පැවැ­ත්වී­මට බස්නා­යක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍ර­ම­රත්න ගුණ­සේ­කර මහතා කට­යුතු යොදා ඇති අතර, පැරණි චාරි­ත්‍රා­නු­කූ­ලව අලි ඇතුන් සහි­තව උඩ­රට, පහ­ත­රට සහ සබ­ර­ගමු සාම්ප්‍ර­දා­යික නැටු­ම්ව­ලින් පෙර­හර පැවැත්වේ.

උත්සව සමයේ කත­ර­ගම පුද­බි­මට පැමි­ණෙන බැති­ම­තුන්ට අවශ්‍ය සිය­ලුම පොදු පහ­සු­කම් සැල­සී­මට කඳ­වුරු භාර නිල­ධාරී, මොන­රා­ගල දිසා­පති පසන් රත්නා­යක මහතා කට­යුතු කර ඇත.  බැති­ම­තුන්ගේ ආර­ක්ෂා­වට ශ්‍රී ලංකා පොලි­සිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමු­දාව විශේෂ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කර ඇති අතර, ජල සහ සෞඛ්‍ය පහ­සු­කම් සැල­සී­මට ද ඔවුන් විසින් කට­යුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT