Home » TEJC අඹ අප­න­ය­නය ඉලක්ක කර වගා කිරී­මට සැල­සුම් කරන්න

TEJC අඹ අප­න­ය­නය ඉලක්ක කර වගා කිරී­මට සැල­සුම් කරන්න

ඇමැති අම­ර­වී­ර­ගෙන් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස්

by Gayan Abeykoon
July 5, 2024 3:17 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මෙරට නිෂ්පා­දිතTEJC අඹ ප්‍රභේ­දය මින් ඉදි­රි­යට අප­න­ය­නය ඉලක්ක කර ගත් වගා­වක් වශ­යෙන් පම­ණක් ව්‍යාප්ත කිරීමේ සැල­සුම් සකස් කරන ලෙස කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් දී ඇත.

මේ වන විට අප රටේ පම­ණක් නොව විදේශ වෙළෙ­ඳ­පොළේ පවා ජන­ප්‍රිය අඹ ප්‍රභේ­ද­යක් වන අප රටේ නිෂ්පා­දිත TEJC අඹ ප්‍රභේ­දය අසී­මා­න්තික ලෙස වගා කිරී­මට පිය­වර ගැනීම නිසා එහි ගුණා­ත්ම­ක­භා­වය කෙරෙහි බල­පෑම් එල්ල වෙමින් පව­තින බැවින් මේ පිය­වර ගැනී­මට තීර­ණය කර තිබේ.

TEJC අඹ ප්‍රභේ­දය සාමාන්‍ය වගා­වක් වශ­යෙන් පව­ත්වා­ගෙන යෑමත්, එම අඹ පැළ විශාල වශ­යෙන් ගෘහස්ථ පරි­භෝ­ජ­නය සඳහා වගා කිරී­මට පිය­වර ගැනී­මත් නිසා එම අඹ වගා කළ යුතු නිවැ­රදි ආකා­රය ගොවීන් වෙතින් ගිලිහී යමින් තිබේ. දැනට වෙළෙ­ඳ­පොළේ අලෙවි කරන මේ අඹ නිසි ප්‍රමි­ති­යට වගා කළ ඒවා නොවන බව පෙනී යයි. අඹ ගෙඩිය මතු­පිට දීප්ති­මත් කහ වර්ණ­යක් දක්නට නොමැති අතර, අඹ ගෙඩිය මතු­පිට පුස් බැඳී ඇති බවක් දිස්වේ. පරි­භෝ­ජ­න­යට මේ තත්ත්වය ගැට­ලු­වක් නොවු­ණත්, අප­න­ය­න­යේදී නිසි ප්‍රමි­තීන් අනු­ග­ම­නය කළ යුතුව ඇත.

මේ නිසා මේ අඹ ප්‍රභේ­දය සුලබ වීම මත ඉදිරි කාලයේ අලෙවි කර­ගත නොහැකි තත්ත්ව­යක් උද්ගත වනු ඇති බවත්, එසේ වුව­හොත් දැනට මේ අඹ අප­න­ය­න­යෙන් රටට ලැබෙන ඉහළ ආදා­යම අහිමි විය හැකි බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

එමෙන්ම දැනට අප රටේ TEJC අඹ ප්‍රභේ­දය වගා කර ඇති ඉඩම් ප්‍රමා­ණය කොප­මණ දැයි වාර්තා­වක් සක­සන ලෙසත්, අව­ශ්‍ය­තාව අනුව එම ඉඩම් ප්‍රමා­ණය ප්‍රමා­ණ­වත් වන්නේ නම් මින් ඉදි­රි­යට TEJC අඹ ප්‍රභේ­දය වගා කිරී­මේදී වෙළෙ­ඳ­පොළ අව­ශ්‍ය­තාව සැල­කි­ල්ලට ගනි­මින් ව්‍යාප්ති කට­යුතු සිදු කරන ලෙසත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT