Monday, May 12, 2025
Home » තල් මදින කාන්තා­ව­න්ටත් පළමු වරට NVQ 3 සහ­තික

තල් මදින කාන්තා­ව­න්ටත් පළමු වරට NVQ 3 සහ­තික

by Gayan Abeykoon
July 5, 2024 4:02 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

තල් කර්මා­න්තයේ තල් ගස් නැඟීම, මැදීම ඇතුළු කට­යුතු පුහු­ණුව පිළි­බ­ඳව පළමු වරට කාන්තා­වන් සඳහා ජාතික වෘත්තීය නිපු­ණතා සහ­තික ලබා­දී­මට තල් සංව­ර්ධන මණ්ඩ­ලය කට­යුතු යොදා ඇත.

මන්නා­රම ප්‍රදේ­ශයේ කාන්තා­වන් 30 දෙනකු මෙම කණ්ඩා­යමේ පුහු­ණුව ලබන අතර ඉදිරි දින­ය­කදී ඔවුන් වෙත NVQ 3 මට්ටමේ සහ­තික පිරි­නැ­මෙන බව තල් සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති ආචාර්ය ක්‍රිශාන්ත පති­රාජ මහතා කියයි.

තල් ගස් නැඟීම, ගෙඩි කැඩීම, ගස් මැදීම ආදී කට­යුතු සඳහා ජාතික ආධු­නි­කත්ව මණ්ඩ­ලය විසින් වෘත්තීය පුහු­ණු­වක් ලබන මෙම කාන්තා­වන් 30 දෙනා වයස අවු­රුදු 20 – 40ත් අතර වයස් කාණ්ඩ­වල පසු­වන අතර ඔවු­න්ගෙන් බහු­ත­රය සිය පර­ම්ප­රා­වෙන් තල් කර්මා­න්ත­යට දායක වූවන්වේ. එම ක්ෂේත්‍ර­යට අලු­තෙන්ම එක්වූ­වන් ද මේ අතර වන බව සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

තල්ගස් නැඟීමේ ආර­ක්ෂිත ක්‍රම­වේද එම අව­ස්ථා­වේදී මුහුණ දෙන හදිසි රෝග තත්ත්ව­යන් අස්වනු හානි අව­මව නෙළා ගැනීම ඇතුළු ක්‍රම­වේද රැසක් පිළි­බ­ඳව ද මෙම පුහු­ණු­වේදී ඔවුන්ව දැනු­ම්වත් කිරීම් සිදු කරයි.  ශ්‍රී ලංකාවේ තල් රා කර්මා­න්තයේ යෙදෙන උතුරු හා නැඟෙ­න­හිර පළා­ත්වල පුද්ග­ල­යන් 1500කට පළමු වරට ජාතික වෘත්තිය නිපු­ණතා සහ­තික (NVQ 3) පත්‍ර පිරි­නැ­මීම පසු­ගිය පෙබ­ර­වාරි මාස­යේදී කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

අප රටේ තල් රා සහ තල් අරක්කු සඳහා ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­ප­ළෙහි ඉහළ ඉල්ලු­මක් තිබේ. මේ වන­විට ප්‍රංශය, කැන­ඩාව හා ඩුබායි ආදී රට­ව­ල්ව­ලට තල් රා සහ තල් අරක්කු අප­න­ය­නය කරන අතර වාර්ෂි­කව ඩොලර් 45,000ක මුද­ලක් උප­යනු ලබයි. ලෝකයේ වැඩිම තල්ගස් ප්‍රමා­ණ­යක් සහිත දෙවැනි රට වන්නේ ශ්‍රී ලංකාව වන අතර ලොව එකම තල් පර්යේ­ෂණ ආය­ත­නය තිබෙන්නේ ද ශ්‍රී ලංකා­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT