Home » අස්වැ­සුම දෙවැනි අදි­යරේ සමී­ක්ෂණ 15 වැනිදා ඇරඹේ

අස්වැ­සුම දෙවැනි අදි­යරේ සමී­ක්ෂණ 15 වැනිදා ඇරඹේ

by Gayan Abeykoon
July 5, 2024 3:26 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

අස්වැ­සුම දෙවැනි අදි­යරේ සමී­ක්ෂණ කට­යුතු එළ­ඹෙන 15 වැනිදා සිට ආරම්භ කිරී­මට ආණ්ඩුව තීර­ණය කර තිබේ.

සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය සමඟ මුදල් අමා­ත්‍යාං­ශයේ දී ඊයේ (04) පැවැති විශේෂ සාක­ච්ඡාවේ දී මෙම තීර­ණය ගත් බව ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

මෙම වැඩ­ස­ට­හනේ දෙවැනි අදි­යර සඳහා අය­දු­ම්පත් යොමු කිරී­මට නොහැකි වූ පිරි­සට ඉදිරි සති­යක කාලය තුළ ඒ සඳහා අව­ස්ථාව ලබා­දී­මට පිය­වර ගෙන තිබෙන බවද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා පව­සයි.

සමී­ක්ෂණ කට­යුතු ජූලි මස 15 වැනි දා නිල වශ­යෙන් ආරම්භ කිරී­මට සූදා­නම් වුවද කඩි­න­මින් දෙවැනි අදි­යරේ ප්‍රති­ලාභ ගෙවීම ආරම්භ කිරීමේ අපේ­ක්ෂා­වෙන් හැකි සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම එම කට­යුතු ආරම්භ කරන බව ඒ මහතා සඳ­හන් කළේය.

කිසි­යම් පාර්ශ්ව­යක් සුදු­සු­කම් නොමැ­තිව අස්වැ­සුම ප්‍රති­ලාභ ලබා ගන්නේ නම් ඒ බව තහ­වුරු කර ගැනීම සඳහා සුදු­සුම අව­ස්ථාව මෙය බව සඳ­හන් කළ සේම­සිංහ මහතා තව­දු­ර­ටත් අස්වැ­සුම දෙවැනි අදි­යර සඳහා අය­දු­ම්පත් යොමු නොකළ පිරි­සට ඉදිරි සතිය තුළ එම අව­ස්ථාව උදා­වන බව ද කියා සිටියේ ය.

දෙවැනි අදි­යර සඳහා මේ වන­විට අය­දු­ම්පත් 475,000 ක් පමණ ලැබී තිබෙන අතර ඉන් අය­දු­ම්පත් 450,000ක පමණ තොර­තුරු පද්ධ­ති­යට ඇතු­ළත් කර ඇති බව ද යම් යම් අඩු­පාඩු සහි­තව පුර­වන ලද ඉතිරි අය­දු­ම්පත් 25,000ක පමණ ප්‍රමා­ණය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල ඇති බව ද සේම­සිංහ මහතා පැව­සීය.

පවුල් ලක්ෂ 24ක් සඳහා අස්වැ­සුම ප්‍රති­ලාභ ලබා­දීම රජයේ අපේ­ක්ෂාව වන අතර ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවද වඩාත් සුදු­සුම කණ්ඩා­යම වෙත ප්‍රති­ලාභ ලබා­දී­මට හැකි සෑම පිය­ව­රක්ම ගන්නා බව ද ඇමැති වැඩි­දු­ර­ටත් පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT