Saturday, May 10, 2025
Home » සම්පන්දන්ගේ දේහය ගුවනින් යාපනයට

සම්පන්දන්ගේ දේහය ගුවනින් යාපනයට

by Gayan Abeykoon
July 5, 2024 5:02 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

දෙමළ ජාතික සන්ධා­නයේ නායක, හිටපු විපක්ෂ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී, අභා­ව­ප්‍රාප්ත ආර්. සම්ප­න්දන් මහ­තාගේ දේහය කොළඹ සිට ගුවන් මඟින් ඊයේ (4) යාප­නය වෙත ගෙන එනු ලැබීය. යාප­නයේ මාටින් පාරේ පිහිටි ඉලං­කෙයි තමිල් අරු­සු­කච්චි පක්ෂ මූල­ස්ථා­නයේ දේහය තැන්පත් කිරී­මෙන් අන­තු­රුව උතුරු පළාත් ආණ්ඩු­කා­රිනි පී.එම්.එස්. චාර්ල්ස් මහ­ත්මිය ඇතුළු යාප­නයේ රාජ්‍ය නිල­ධා­රී­හුද, යාප­නයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොම­සා­රිස් සෙවිති සායි මුරලි මහතා සහ උතුරේ දෙමළ දේශ­පා­ලන පක්ෂ­වල නාය­ක­යන් ඇතුළු සාමා­ජි­ක­යෝද දේහ­යට උප­හාර දැක්වී­මට එක් වූයේ මෙලෙ­සිනි. මන්ත්‍රී­ව­ර­යාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු ඉරිදා (7) ත්‍රිකු­ණා­ම­ල­යේදී සිදු කෙරෙන අතර, දේහය යාප­න­යෙන් හෙට (5) ත්‍රිකු­ණා­ම­ලය බලා රැගෙන යෑමට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT