Home » සර­සවි ඔන්ල­යින් අය­දුම් භාර ගැනීම අදින් අව­සන්

සර­සවි ඔන්ල­යින් අය­දුම් භාර ගැනීම අදින් අව­සන්

by Gayan Abeykoon
July 5, 2024 4:17 am 0 comment

සුභා­ෂිණී සේනානා­යක

2023 වර්ෂ­යට අදා­ළව විශ්ව­වි­ද්‍යාල සඳහා සිසුන් ඇතු­ළත් කර ගැනී­මට අන්ත­ර්ජා­ලය මඟින් අය­දුම් කිරීමේ අව­සාන දිනය අදින් (05) අව­සන් වන බව ශ්‍රී ලංකා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව විශේෂ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පව­සයි.

එම නිවේ­ද­න­යට අනුව 2023 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍ය­යන වර්ෂය සඳහා ජාතික විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ඇතු­ළත් කර ගැනීම සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව මේ වන විට අය­දු­ම්පත් කැඳවා ඇත.

ඒ අනුව, පසු­ගිය වර්ෂයේ උසස් පෙළ ප්‍රති­ඵල අනුව විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශ­යට අන්ත­ර්ජා­ලය මඟින් අය­දුම් කිරීමේ අව­සාන දිනය අද (05) දින­යෙන් අව­සන් වන බව එහි සඳ­හන් වන අතර මෙතෙක් එම කට­යුතු අව­සන් නොකළ සිසුන් අදාළ අය­දු­ම්පත විශ්ව­වි­ද්‍යාල කොමි­ෂන් සභාවේ නිල වෙබ් අඩ­විය වන UGC වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් යොමු කරන ලෙසට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව සිහි කැඳ­වී­මක් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT