Home » වතු කම්ක­රු­වන්ගේ රු.1700 වැටුප අත්හි­ටු­වන නියෝග

වතු කම්ක­රු­වන්ගේ රු.1700 වැටුප අත්හි­ටු­වන නියෝග

by Gayan Abeykoon
July 5, 2024 12:55 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

වතු කම්ක­රු­වන්ගේ දෛනික වැටුප රුපි­යල් 1700 තෙක් වැඩි කිරී­මට තීර­ණය කර­මින් නිකුත් කරන ලද ගැසට් නිවේ­ද­නය   ක්‍රියා­ත්මක වීම අත්හි­ටු­වන අතුරු තහ­නම් නියෝ­ග­යක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (04) නිකුත් කළේය. එම තීර­ණය අත්හි­ටු­වන අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් නොකි­රී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ගත් තීර­ණ­යට එරෙ­හිව ආග­ර­ප­තන වැවිලි සමා­ගම ඇතුළු වැවිලි සමා­ගම් කිහි­ප­යක් ඉදි­රි­පත් කළ අභි­යා­චනා පෙත්ස­මක් සම්බ­න්ධ­යෙන් වන කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව එම පෙත්සම විභා­ග­යට ගැනී­මට අව­සර දෙමින් මෙම නියෝ­ගය නිකුත් කරන ලදි. පෙත්සම් විභා­ගය අගෝස්තු මස 28 වැනිදා සිදු කිරී­මට නියම කෙරිණි. එම පෙත්සම් විභා­ගය අව­සන් වන­තෙක් මෙම අතුරු තහ­නම් නියෝ­ගය බල­පැ­වැත්වේ.

ගාමිණී අම­ර­සේ­කර, කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වනු ලැබිණි. එහිදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව පෙත්සම විභා­ග­යට ගැනී­මට අව­සර දෙන ලදි. වතු කම්ක­රු­වන්ගේ වැටුප් වැඩි කිරීමේ තීර­ණය ඇතු­ළත් ගැසට් නිවේ­ද­නය අභි­යෝ­ග­යට ලක් කර­මින් වතු සමා­ගම් විසි එකක් මඟින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට රිට් පෙත්ස­මක් ඉදි­රි­පත් කර තිබිණි. එම වැටුප් වැඩි කිරීමේ තීර­ණය අත්හි­ටු­වන අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙස එම­ඟින් ඉල්ලා තිබිණි. එම පෙත්සම සම්බ­න්ධ­යෙන් වන මූලික කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව අභි­යා­ච­නා­ධි­ක­ර­ණය අදාළ අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් නොකි­රී­මට පෙරේදා (03) තීර­ණය කළේය. එම අභි­යා­ච­නා­ධි­ක­රණ නියෝ­ගය නීති විරෝධී සහ අසා­ධා­රණ බව පව­ස­මින් මෙම අභි­යා­චනා පෙත්සම ඉදි­රි­පත් කර තිබිණි. අදාළ  අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් නොකි­රී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ගත් තීන්දුව බල රහිත කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT