රටේ දහස් සංඛ්‍යාත දරු දැරියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් විකාශය කළ ඉතා ජනප්‍රිය හඳ මාමා ගුවන් විදුලි ළමා වැඩසටහනේ හඳ නැන්දා ලෙස ජනාදරයට පත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය (89) අභාවප්‍රාප්ත වූවාය.
ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ. ජයතිලක මහතාගේ බිරිය වූ ඇය දරුවන් සිව්දෙනකුගේ ආදරණීය මවක් වූවාය.
ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍යයට නව පරිච්ඡේදයක් එක් කළ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය
නිවේදිකාවක ලෙස 1963දී ගුවන්විදුලි සංස්ථාවේ සේවයට බැඳී ඇත. ඒ මහත්මිය අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස 1984 වසරේදී සේවයෙන් විශ්‍රාම ලබා තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය, මහනුවර සේවය ආදි ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රිය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර වූවාය. ඇය ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් සිය මවු රටට හඬ පෞරුෂයෙන් දිනා දුන් මාධ්‍යවේදිනියක් ද වූවාය.
සුමනා ජයතිලක මහත්මියගේ දේහය ඊයේ (04) සිට මහජන ගෞරවය වෙනුවෙන් බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (06) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.