නිල සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගිය ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ (Data Protection Authority) උසස් නිලධාරීන් කණ්ඩායම වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවී තිබේ.
අමෙරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නීති සංවර්ධන වැඩසටහන යටතේ එරට සංචාරයකට එක්වූ එම දූත පිරිස එම ආයතනයේ හා අනුබද්ධ ආයතන මෙන්ම පෞද්ගලික අංශය සමඟ ද විවිධ ක්‍රියාකාරකම් හා අදහස් හුවමාරු කරගෙන තිබෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අනතුරුව තානාපති මහින්ද සමරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවේ දී අධිකාරියේ ව්‍යවස්ථාපිත පදනම හා ආයතනයේ අනාගත සැළසුම් මෙන්ම අමෙරිකානු සංචාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන අතර එම සංචාරයේදී ලබාගත් අත්දැකීම් හා දැනුම ශ්‍රී ලංකාවේ දී භාවිත කිරීම ගැන ද අදහස් හුවමාරු කරගෙන ඇත.
අමෙරිකාව හා එරට ආයතන සමඟ අඛණ්ඩ සබඳතා වර්ධනය හා අදාළ පසුවිපරම්වලදී උපරිම සහාය ලබාදීමටද ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා එහි දී එකඟත්වය පළකර තිබේ. ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්, වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් වරුණ ශ්‍රී ධනපාල, නීති කෙටුම්පත් නිලධාරිනී දිල්රුක්ෂි සමරවීර හා අධ්යක්ෂවරුන් වන සෞම්‍ය අමරසේකර, නිසිත් අබේසූරිය, ෂෙහාන් විජේතිලක මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව ඇත.
තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම වොෂින්ටන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඹගොල්ල, වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ හා දේශපාලන අංශ ප්‍රධානී නිශාන් මුතුක්රිෂ්ණ මහත්වරු ද එම අවස්ථාවට එක්වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.