Home » අත්‍ය­වශ්‍ය භාණ්ඩ මුදා­හැ­රීම කඩි­නම් වෙයි
රේගු වෘත්තිය ක්‍රියා මාර්ග අව­සන්:

අත්‍ය­වශ්‍ය භාණ්ඩ මුදා­හැ­රීම කඩි­නම් වෙයි

by Gayan Abeykoon
July 5, 2024 12:49 am 0 comment

ජය­සිරි මුණ­සිංහ සුභා­ෂිණී සේනා­නා­යක

රේගු වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය අව­සන් කිරී­මත් සමඟ ප්‍රමාද වූ අත්‍ය­වශ්‍ය භාණ්ඩ මුදා හැරී­මට කඩි­න­මින් කට­යුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

අමා­ත්‍ය­ව­රයා පෙන්වා දෙන්නේ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය අත­ර­තුර දී පවා රේගු නිල­ධා­රීන් අත්‍ය­වශ්‍ය භාණ්ඩ මුදා හැරීමේ කට­යුතු සඳහා මැදි­හත් වූ බවයි.

ලබන ඉරිදා වන විට භාණ්ඩ මුදා හැරීමේ කට­යුතු යථා තත්ත්ව­යට පත් කිරී­මට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව සිය­ඹ­ලා­පි­ටිය මහතා පැවැ­සු­වේය.

වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය සිය­ඹ­ලා­පි­ටිය අමා­ත්‍ය­ව­රයා සමග පැවැති සාක­ච්ඡා­ව­කින් පසු අත්හි­ටු­වී­මට තීර­ණය කෙරිණි. ඉන් පසු රේගුවේ කට­යුතු ක්‍රියා­ත්මක වන ආකා­රය පිළි­බඳ සොයා බැලීම සඳහා රේගු මූල­ස්ථා­නය වෙත ගිය අමා­ත්‍ය­ව­රයා මාධ්‍ය­වේ­දීන් හමුවේ මේ බව සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT