දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ යෝජනාවකට අනුව වසර 1956දී (කෙසෙල්වත්තේ) සන්ත බස්තියම කොට්ඨාසයේ සෝන්ඩර්ස් පෙදෙසේ ඉදිකර තිබෙන නාගරික නිවාස සංකීර්ණය මේ වන විට ගරා වැටෙමින් පවතී.
ඒ අනුව එහි නිවැසියන් පවසන්නේ එම නිවාස සංකීර්ණය ඉවත් කොට අලුතින් නිවාස සංකීර්ණයක් ඉදිකර දෙන ලෙසය.
දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයට අයත් කොළඹ මහා නගර සභාවේ, සාන්ත බස්තියම කොට්ඨාසය නියෝජනය කරමින් කොළඹ මහා නගර සභාවට තේරී පත්වූයේ 1956 පැවැති නගර සභා මැතිවරණයේදීය.
එම නගර සභා මැතිවරණයෙන් පසුව කොළඹ පුරපතිවරයා ලෙස, මැද කොළඹ අලුත් හෙට්ටිවීදියේ පදිංචිව සිටි වී.ඒ.සුගතදාස මහතා කොළඹ මහා නගර සභාවේ 12වෙනි පුරපතිවරයා විය.
සුගතදාස පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 1956 මැයි මස 10 වෙනිදා පැවැති මහා නගර සභා රැස්වීමට ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් අනුව සන්ත බස්තියම කොට්ඨාසයේ සෝන්ඩර්ස් පෙදෙසේ ඉදිකරගෙන යනු ලබන නාගරික නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගැනීම සඳහා සන්ත බස්තියම ප්‍රදේශයේ තුන් අවුරුදු කාල සීමාවක පදිංචිය අයදුම්කරුවන් තෝරා ගැනීම ප්‍රධාන සුදුසුකම ලෙස සැලකිය යුතුයැයිද දැක්වෙන කොන්දේසියක්ද ප්‍රේමදාස මහතා ඉදිරිපත් කොට තිබුණි.
එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත විය.
1956 වසරේ ඉදිකරන ලද එම නිවාස මේ වන විට ඉතා අබලන්ව ඇති බැවින් එම නිවාස කඩා නැවත නිවාස ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක මැද කොළඹ පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රධාන සංවිධායක අජන්ත ලියනගේ මහතා නාගරික නිවාස හා නගර සංවර්ධන පිළිබඳ ස්ථාවර කමිටුවට කරන ලද යෝජනාව පිළිගෙන තිබෙන්නේ 2022 ජනවාරි 27 දිනය.
මෙදින ස්ථාවර කමිටුවේ සභාපති එම්. දයාකාන්ත පෙරේරා මහතා මුලසුන හෙබවීය. (අධ්‍යක්ෂ නගර සැලසුම්) හා නිවාස නගර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුවේ ලේකම් ප්‍රධන ඉංජිනේරු එච්.ඒ.සේන මහතාද එක් විය.