Home » සතොස බඩු මිල පහ­ළට

සතොස බඩු මිල පහ­ළට

by Gayan Abeykoon
July 5, 2024 3:50 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

මහ­ජ­න­තා­වට සහන සැල­සීමේ අර­මු­ණින් ලංකා සතොස ආය­ත­නයේ වෙළෙ­ඳ­සල් ජාලයේ අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල පහළ දමා තිබේ.

ඊයේ (04) මධ්‍යම රාත්‍රි සිට මෙම මිල පහළ දැමීම සිදු කර ඇති අතර ඒ අනුව රුපි­යල් 230ක්ව පැවැති අර්තා­පල් කිලෝව රුපි­යල් 15කින් ද රුපි­යල් 296ක්ව පැවැති රතු පරිප්පු කිලෝව රුපි­යල් 14කින්ද අඩු කර ඇති අතර 275ක්ව පැවැති සුදු සීනි කිලෝව රුපි­යල් 4කින් අඩු කර ඇත.

දිව­යින පුරා ඇති සතොස සුපිරි වෙළෙ­ඳ­සල් ජාලය මඟින් මෙම සහ­නය ලබා ගත හැකි බව ඔවුන් නිකුත් කළ නිවේ­ද­න­යක දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT