Home » හේමන්ත වර­ක­පි­ටිය ලලිත් රණ­සිංහ සිතු­වම් දැක්මක් ලය­නල් වෙන්ඩ්ට්හිදී හෙට-අනිද්දා

හේමන්ත වර­ක­පි­ටිය ලලිත් රණ­සිංහ සිතු­වම් දැක්මක් ලය­නල් වෙන්ඩ්ට්හිදී හෙට-අනිද්දා

by Gayan Abeykoon
July 5, 2024 5:03 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන හේමන්ත වර­ක­පි­ටිය මහතා සහ ලලිත් රණ­සිංහ මහ­තාගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රද­ර්ශ­නය හෙට (6) සහ අනිද්දා (7) දින­වල කොළඹ ලය­නල් වෙන්ඩ්ට්හිදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

මේ ප්‍රද­ර්ශ­නය සඳහා තෙල් සායම් සහ ඇක්‍ර­ලික් මාධ්‍ය­යෙන් සිත්තම් වූ කලා­ත්මක සිතු­වම් 70කට අධික සංඛ්‍යා­වක් ප්‍රද­ර්ශ­නය කෙරේ. චිත්‍ර ශිල්පි හේමන්ත වර­ක­පි­ටිය මුද්‍රිත මාධ්‍ය සහ ආලේඛ්‍ය චිත්‍ර­ක­ර­ණයේ වසර 35කට අධික කාල­යක සිට යෙදී සිටින අතර, ඔහු ලේක්හ­වුස් ආය­ත­නයේ දින­මිණ පුව­ත්පතේ කාටුන් ශිල්පි­යකු ලෙසද සේවය කර ඇත. එමෙන්ම මේ වන විටද මාධ්‍ය ආය­ත­න­ය­කට සම්බ­න්ධව කට­යුතු කරයි. චිත්‍ර ශිල්පී ලලිත් රණ­සිංහ මහතා ශ්‍රී ලංකා රේගු දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු ලෙස සේවය කරන අතර මුල් යුගයේ පාසල් චිත්‍ර ගුරු­ව­ර­යකු ලෙස සේවය කර ඇත. ස්වභාව සෞන්දර්ය සහ වන ජීවී සිතු­වම් නිර්මා­ණ­යට ඒ මහතා දස්කම් දක්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT