ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන හේමන්ත වරකපිටිය මහතා සහ ලලිත් රණසිංහ මහතාගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය හෙට (6) සහ අනිද්දා (7) දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ ප්‍රදර්ශනය සඳහා තෙල් සායම් සහ ඇක්රලික් මාධ්‍යයෙන් සිත්තම් වූ කලාත්මක සිතුවම් 70කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. චිත්‍ර ශිල්පි හේමන්ත වරකපිටිය මුද්‍රිත මාධ්‍ය සහ ආලේඛ්‍ය චිත්‍රකරණයේ වසර 35කට අධික කාලයක සිට යෙදී සිටින අතර, ඔහු ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ කාටුන් ශිල්පියකු ලෙසද සේවය කර ඇත. එමෙන්ම මේ වන විටද මාධ්‍ය ආයතනයකට සම්බන්ධව කටයුතු කරයි. චිත්‍ර ශිල්පී ලලිත් රණසිංහ මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙස සේවය කරන අතර මුල් යුගයේ පාසල් චිත්‍ර ගුරුවරයකු ලෙස සේවය කර ඇත. ස්වභාව සෞන්දර්ය සහ වන ජීවී සිතුවම් නිර්මාණයට ඒ මහතා දස්කම් දක්වයි.