මාතලේ කොටුවේගෙදර වී ගබඩාව හා එහි භූමිය වසර ගණනාවක සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මාතලේ නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි විශාල මූල්‍යමය වටිනාකමකින් යුත් අක්කර එකහමාරකින් පමණ යුත් භූමියෙහි පිහිටි මෙම වී ගබඩාව හා අනෙකුත් ගොඩනැඟිලි මේ වන විටත් විනාශ වීමේ අවදානමක පවතී. මේ පිළිබඳව එම ප්‍රදේශවාසී කේ.ජී. ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ පැවසීය.
“මීට වසර 20 කට පමණ පෙර මෙම වී ගබඩාවේ වී රැස්කර තිබුණත් මෑත කාලයක කිසිදු ප්‍රයෝජනයක් මේ ගබඩාවෙන් ගමටවත් රටටවත් සිදු වුණේ නෑ.
මෙම භූමිය හා මෙම ගොඩනැඟිලි කෝටි ගණනක් වටිනවා. නමුත් අද වන විට කිසිදු වගකිව යුතු ආයතනයක් මෙම භූමිය හා ගොඩනැඟිලි පිළිබඳ අවධානය යොමු කරලා නෑ. මෙම ගොඩනැඟිල්ල ඇඟලුම් කර්මාන්තශාලාවකට හෝ වෙනත් දෙයකට යොදවනවා නම් රටටත් වැඩදායක වෙයි. ඵලදායී දෙයකට යොදවන ලෙස අපි බලධාරින්ගෙන් ප්‍රදේශවාසීන් ලෙස ඉල්ලා සිටිනවා” යයි ඔහු වැඩිදුරටත් පැවසීය.