Home » බීම­තින් සිහි­සුන් වී ඇතැයි කිය­මින් මිතු­රන් ගෙද­රට ගෙන දැමූ තරු­ණයා පහර දීම­කින් මියගිහින්

බීම­තින් සිහි­සුන් වී ඇතැයි කිය­මින් මිතු­රන් ගෙද­රට ගෙන දැමූ තරු­ණයා පහර දීම­කින් මියගිහින්

by Gayan Abeykoon
July 5, 2024 5:35 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

අධික ලෙස බීමත්ව සිහි­සුන් වූ බව කිය­මින් නිව­සට ඇර­ල­වන ලද මුල­තිව් පුදු­කු­ඩි­ඉ­රිප්පු ස්වාති­පු­රම් ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙකු පහර දීම­කින් මිය­ගොස් ඇති බවට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී 3දා හෙළි වී තිබේ.

ඒ අනුව අදාළ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන ලෙස මුල­තිව් මහේ­ස්ත්‍රා­ත්ව­රයා පොලි­සි­යට නියෝග කොට ඇත.

28 හැවි­රිදි නාග­ර­ත්නම් ස්වය­දී­පන් නමැති මිය­ගිය පුද්ග­ලයා සවස් කාල­යේදී ඔහුගේ මිතු­රන් පිරි­සක් සමඟ මත්පැන් පානය කිරී­මට එක් ස්ථාන­යක් වෙත ගොස් තිබේ.

මධ්‍යම රාත්‍රි­යේදී ඔහුව කර තබා­ගත් පිරි­සක් නිව­සට පැමිණ ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා සිහි මූර්ජා වූ බවත් වෙරි­මත සිඳී ගිය පසුව ඔහු අවදි වන බවත් පවසා පැමිණි පිරිස පිටව ගොස් තිබේ.

පසු­දින උදෑ­සන ඔහු අවදි නොවීම නිසා නිවසේ උද­විය ඔහුව පුදු­කු­ඩි­ඉ­රිප්පු රෝහ­ලට රැගෙන ගොස් තිබේ.

එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍ය­වරු ප්‍රකාශ කොට ඇත්තේ ඔහු මිය­ගොස් ඇති බවයි.

මර­ණය සම්බ­න්ධ­යෙන් පැවති පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී ඔහුගේ හිසට පහ­ර­වල් කිහි­ප­යක් එල්ල වීමෙන් පසුව මොළයේ අභ්‍ය­න්ත­ර­යට රුධි­රය වහ­නය වීම නිසා මර­ණය සිදුව ඇති බවට අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා නිග­ම­නය කොට තිබේ.

ඒ අනුව පොලි­සිය මුල­තිව් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසුව සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස පොලි­සි­යට නියෝග ලැබී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT