142
මොනරාගල වාරිමාර්ග කොට්ඨාසයට අයත් තෙනගල්ලන්ද වැවේ ඇළ පද්ධතිය සහ බිබිල, නාගල කුඩාවැව සහ මහවැව සම්බන්ධ කරන ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ සඳහා වැය කෙරෙන මුදල් පිළිවෙළින් රු. මිලියන 9.39ක් සහ මිලියන 10ක් පමණ වේ.
වාරිමාර්ග සහ ජලසම්පාදන රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර මෙම අවස්ථාවට මොනරාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.එම්. රත්නවීර මහතා ද සහභාගි විය.