
ජ්‍යෙෂ්ඨ අංශයේ නර්තන කණ්ඩායම
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ 2024 සබරගමු පළාත් නර්තන තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය සහ කනිෂ්ඨ අංශයේ දෙවන ස්ථානය ලෙස ජයග්‍රහණ දෙකක් දිනා ගැනීමට රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ නර්තන අංශයට හැකියාව ලැබී තිබේ. මේ යටතේ ජ්‍යෙෂ්ඨ කාන්තා පහතරට සමූහ තරග අංශයේදී නාරිලතා නර්තනය ඉදිරිපත් කර එම අංශයේ ප්‍රථම ස්ථානය සහ කනිෂ්ඨ මිශ්‍ර පහතරට තරග අංශය යටතේ අනුරාග දණ්ඩතාලය නර්තනය ඉදිරිපත් කර දෙවන ස්ථානය හිමි කර ගැනීමට රත්නාලෝක විද්‍යාලයට හැකි වී ඇත. විදුහල්පති ඒ.කේ. විද්‍යාරත්න මහතාගේ මඟපෙන්වීම මත විද්‍යාලයේ නර්තන ආචාරිනී කේ.ඩබ්.ඩී. ප්‍රභාෂිනී ප්‍රේමලාල් මහත්මියගේ පුහුණුව යටතේ මෙම විශේෂ ජයග්‍රහණ හිමිකරගෙන තිබේ.