යාපනයේ බණ්ඩතරිප්පු ප්රදේශයේ පදිංචි තිදරු මවක බඹරුන් දෂ්ට කිරීම නිසා පෙරේදා (03) තෙලිප්පලෙයි රෝහලේදී මිය ගොස් තිබේ.
ගුණසේකරම් වරදසුරෝමනී නමැති 67 හැවිරිදි මෙම තිදරු මව නිවෙස අසල ගසකින් තල් කොළ කපමින් සිටියදී, තල් ගසේ තිබූ බඹර කූඩුවක් සුළඟට බිමට කඩාගෙන වැටීමෙන් පසුව ඇවිස්සුණු බඹරුන් ඇයට දෂ්ට කොට තිබේ. සිහි මූර්ජා වූ ඇයව වහාම යාපනයේ සංගානෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා තෙලිප්පලෙයි රෝහල වෙත මාරු කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. යාපනය හදිසි මරණ පරීක්ෂක ඒ. ජයපාලසිංහම් මහතා විසින් දේහය පිළිබඳ මරණ පරීක්ෂණ පවත්වනු ලැබීමෙන් පසුව තෙලිප්පලෙයි පොලිසිය සාක්ෂි සටහන් කොට දේහය අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත භාර දී ඇත.