පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව රත්නපුර පොලිසිය ඊයේ (04) අලුයම සිදු කළ යුක්තියේ මෙහෙයුම දෙවන අදියරෙන් කුඩුලසා නමින් හඳුන්වන නමගිය මත් ජාවාරම්කරුවකු අයිස්, මත්පෙති හා විදෙස් රටක නිෂ්පාදිත සිගරැට් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට වෑන් රථයකින් පැමිණ සිටි සිව්දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනකුම උසාවිය මඟ හැර සිටින වරෙන්තුකරුවන් බව හඳුනාගෙන ඇත. එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුමට නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් මත රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු අතර මේ සඳහා සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් හා කුරුවිට යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති මහතාගේ උපදෙස් මත කපිතාන්වරයකුගේ ප්‍රධානත්වයෙන් හමුදා නිලධාරීන් 19 දෙනකු ඇතුළු පොලිස් හා හමුදා නිලධාරීන් 60ක පමණ පිරිසක් එක්ව සිටි අතර පොලිස් නිල සුනඛ අංශයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධව පුහුණුව ලත් ඩයනා නමැති සුනඛයාද මෙහෙයුමට එක් කරගෙන තිබිණි.