Tuesday, May 13, 2025
Home » රත්න­පු­රයේ යුක්තිය මෙහෙ­යු­මෙන් ‘කුඩු ­ලසා’ කොටු­වෙයි

රත්න­පු­රයේ යුක්තිය මෙහෙ­යු­මෙන් ‘කුඩු ­ලසා’ කොටු­වෙයි

by Gayan Abeykoon
July 5, 2024 12:49 am 0 comment

කුරු­විට - කේ.ඒ. සුනිල්

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ මත්ද්‍රව්‍ය සහ සංවි­ධා­නා­ත්මක අප­රාධ මැඬ­ලීමේ යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව රත්න­පුර පොලි­සිය ඊයේ (04) අලු­යම සිදු කළ යුක්තියේ මෙහෙ­යුම දෙවන අදි­ය­රෙන් කුඩු­ලසා නමින් හඳු­න්වන නම­ගිය මත් ජාවා­ර­ම්ක­රු­වකු අයිස්, මත්පෙති හා විදෙස් රටක නිෂ්පා­දිත සිග­රැට් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථා­වේදී ඔහු­ගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනී­මට වෑන් රථ­ය­කින් පැමිණ සිටි සිව්දෙ­නකු ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ඉන් දෙදෙ­න­කුම උසා­විය මඟ හැර සිටින වරෙ­න්තු­ක­රු­වන් බව හඳු­නා­ගෙන ඇත. එම අව­ස්ථා­වේදී ඔවුන් සතුව තිබූ ජංගම දුර­ක­තන ද පොලිස් භාර­යට ගෙන ඇත.

මෙම මෙහෙ­යු­මට නියෝජ්‍ය පොලි­ස්පති පවිත්‍ර දයා­රත්න මහ­තාගේ උප­දෙස් මත රත්න­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කපිල ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ක්‍රියා­ත්මක කෙරුණු අතර මේ සඳහා සහ­කාර පොලිස් අධි­කාරී අජිත් කුමාර, මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කමල් අබේ­සිරි මහ­ත්වරු ඇතුළු පොලිස් නිල­ධා­රීන් හා කුරු­විට යුද හමුදා කඳ­වුරේ අණ දෙන නිල­ධාරී බ්‍රිගේ­ඩි­යර් චමින්ද ගල­ප්පත්ති මහ­තාගේ උප­දෙස් මත කපි­තා­න්ව­ර­ය­කුගේ ප්‍රධා­න­ත්ව­යෙන් හමුදා නිල­ධා­රීන් 19 දෙනකු ඇතුළු පොලිස් හා හමුදා නිල­ධා­රීන් 60ක පමණ පිරි­සක් එක්ව සිටි අතර පොලිස් නිල සුනඛ අංශයේ මත්ද්‍රව්‍ය වැට­ලී­ම්ව­ලට සම්බ­න්ධව පුහු­ණුව ලත් ඩයනා නමැති සුන­ඛ­යාද මෙහෙ­යු­මට එක් කර­ගෙන තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT