Tuesday, May 13, 2025
Home » සංගී­තය අත­ර­තුර ගැටුම මැද්දේ කොල්ලකෑ රන් මාලය සමඟ හයක් මාට්ටු

සංගී­තය අත­ර­තුර ගැටුම මැද්දේ කොල්ලකෑ රන් මාලය සමඟ හයක් මාට්ටු

by Gayan Abeykoon
July 5, 2024 12:45 am 0 comment

ඌරු­බොක්ක විශේෂ - ඒ.පී. දයා­චන්ද්ර

සංගීත සංද­ර්ශ­න­යක් නරඹා නිවෙස් කරා යමින් සිටි දෙපි­රි­සක් අතර ඇති වූ ගැටු­ම­කින් පසුව පුද්ග­ල­යෙ­කුට අතින් පයින් හා බෝත­ල­ය­කින් පහ­රදී තුවාල සිදු­කර රුපි­යල් 1120,000ක් වටිනා ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලා­ගිය සැක­ක­රු­ව­න්ගෙන් හය දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත් බවට ඌරු­බොක්ක පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඌරු­බොක්ක, බෙර­ල­ප­නා­තර ප්‍රදේ­ශ­වල පදිංචි පුද්ග­ල­යන් හය දෙනෙකු බවට පොලි­සිය පැව­සීය. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් අතර රන් මාලය කොල්ල­කෑ­මට සම්බන්ධ ප්‍රධාන සැක­ක­රුද සමඟ එකම පවුලේ සහෝ­ද­ර­යන් දෙදෙ­නෙ­කුද සිටින බවට පොලි­සිය පව­සයි. ඉකුත් 28 වැනිදා රාත්‍රි ඌරු­බොක්ක මහ­ජන ක්‍රීඩාං­ග­ණයේ පැවති සංගීත සංද­ර්ශ­නය නරඹා නිවෙස් කරා යන අත­ර­තුර ඌරු­බොක්ක පාලම අස­ලදී දෙපි­රිස අතර මෙම ගැටුම සිදුව ඇති බවට පොලි­සිය පව­සයි. කාල­යක් විදේ­ශ­ග­තව සිට මෙර­ටට පැමිණ ඇති පට්ටි­ගල ප්‍රදේ­ශයේ සහෝ­ද­ර­යන් දෙදෙනා සමඟ මිතු­රන් පිරි­සක් සංගීත සංද­ර්ශ­නය නැර­ඹී­මට පැමිණ ඇති අතර මල්ලිගේ ගෙල බැඳි රන් මාලය අයි­යාට දී ඇති අතර ඔවුන් සංගීත සංද­ර්ශ­නය නරඹා නැවත නිවෙස් කරා යාමට පැමි­ණෙන අත­ර­තුර ඌරු­බොක්ක පාලම අස­ලදී තවත් පිරි­සක් පැමිණ ඹවුන්ට අතින් පයින් පහ­රදී ඇති බවට පොලි­සිය පව­සයි. දෙපි­රිස අතර ගැටුම අත­ර­තුර පට්ටි­ගල ප්‍රදේ­ශයේ අයෙ­කුට බෝත­ල­ය­කින් පහ­රදී ඔහු ගෙල පැලඳ සිටි පවුම් 07ක් බරැති රුපි­යල් එකො­ළො­ස්ලක්ෂ විසි­ද­හ­සක් (1120,000) වටිනා රන්මා­ලය කඩා­ගෙන අයෙකු පලා­ගොස් ඇති බවට පොලි­සිය පැව­සීය.

ඉකුත් 29 වැනිදා අලු­යම 119 දුර­ක­තන අංක­යට ලද තොර­තු­ර­කට අනුව අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති සැර­යන් 19604 සනත් මහතා සමඟ නිල­ධා­රින් පිරි­සක් අදාළ තොර­තුරු අනුව පරී­ක්ෂණ ආරම්භ කළ බවත් ඒ අනුව පහ­ර­කෑ­මට ලක්වූ පිරි­සක් තුවාල ලබා ඌරු­බොක්ක හීගොඩ ප්‍රාදේ­ශීය රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන බවත් තුවා­ල­ක­රු­වන්ගේ ප්‍රකාශ මත පහ­රදී තුවාල සිදු­කර ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලා ගිය සැක­ක­රු­වන් සොයා විම­ර්ශන ආරම්භ කළ බවත් පොලි­සිය පැව­සීය. ඒ අනුව සිද්ධි­යට සම්බන්ධ ප්‍රධාන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරීමේ දී කඩා­ගත් රන් මාලය කොබෝ­මෑල්ල ප්‍රදේ­ශයේ සිටින මිතු­රෙ­කුට ලබා දුන් බවත්, එය උකස් කර මුදල් රැගෙන ඒමට දුන් බවට පාපෝ­ච්චා­ර­ණය කළ බව පොලි­සිය පැව­සීය. ඒ අනුව රන් මාලය ලබා­දුන් බව කියන කොබෝ­මෑල්ල ප්‍රදේ­ශයේ මිතුරා අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය කර­ගත් තොර­තුරු මත ඇඹි­ලි­පි­ටිය නග­රයේ පුද්ග­ලික උකස් මධ්‍ය­ස්ථා­න­යට රුපි­යල් ලක්ෂ­ප­හක (500,000) මුද­ල­කට උකස් කර තිබි­යදී සොයා­ගත් බවට පොලි­සිය පව­සයි.

රන් මාලය රුපි­යල් ලක්ෂ පහ­කට උකස් කර ගත් මුද­ල්ව­ලින් රුපි­යල් දෙලක්ෂ අසූ­ප­න්ද­හ­සක (285,000) මුද­ලක් සැක­කරු සන්ත­කයේ තිබී සොයා­ගත් බවත් ඉතිරි මුදල් මිතු­රන් එක්ව මත්පැන් පානය කර පාටි දැමී­මට, ණය පිය­වී­මට, හෝටල් ගාස්තු ගෙවී­මට සහ ගමන් බිමන් ගිය ත්‍රිරෝද රථ­වල කුලී ගෙවා විය­දම් වූ බවට සැක­ක­රු­වන් පාපෝ­ච්චා­ර­ණය කළ බවට පොලි­සිය පව­සයි. පැරණි ආර­වු­ලක් මත දෙපි­රිස අතර ඇති වූ ගැටු­මක් බවත් ඒ අත­ර­තුර රන් මාලය කොල්ලකා ඇති බවට මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බව පොලි­සිය වැඩි­දු­ර­ටත් පැව­සීය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ප්‍රධාන සැක­කරු සමඟ සැක­ක­රු­වන් හය දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත් බවත් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් හය දෙනා මොර­වක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යතු කරන බවත් ඉතිරි සැක­ක­රු­වන්ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට පරී­ක්ෂණ සිදු කරන බවට ඌරු­බොක්ක පොලි­සිය පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT