ඉතාලියේ පදිංචි යාපනයේ කාන්තාවක් ව්‍යාජ ලෙස දික්කසාද කළ නීතිඥවරයෙකු චාවාකච්චේරි පොලිසිය විසින් පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සැමියාගෙන් වෙන් වී මීට වසර හතකට පෙර ඉතාලියට ගොස් ඇති අතර ඇය ආපසු යාපනයට පැමිණි අවස්ථාවේදී ස්වාමියාට එරෙහිව නඩු දමා දික්කසාද වීමට නීතිඥවරයෙකුගෙන් උපදෙස් පතා ඇත.
ඒ අවස්ථාවේදී එම නීතිඥවරයා අදාළ කාන්තාවට පවසා ඇත්තේ ඇය මීට වසර පහකට ඉහත දික්කසාද වී ඇති බවයි.
පසුව මේ ගැන කාන්තාව විසින් චාවාකච්චේරි පොලිසියට පමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී හෙළි වී ඇත්තේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු එම කාන්තාව ව්‍යාජ හා කූට ලේඛන සකස් කොට දික්කසාද කොට ඇති බවයි.
මේ සම්බන්ධයෙන් චාවාකච්චේරි අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත නීතිඥවරයාගේ කාර්යාලය වැටලූ පොලිස් නිලධාරීන් අදාළ කූට ලේඛන සොයා ගැනීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය එම නීතිඥවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.