Tuesday, May 13, 2025
Home » ගුව­න්තොටේ දීර්ඝ කාල­යක් නවතා තිබූ මෝටර් රථය අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් ගෙනයයි

ගුව­න්තොටේ දීර්ඝ කාල­යක් නවතා තිබූ මෝටර් රථය අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් ගෙනයයි

by Gayan Abeykoon
July 5, 2024 3:58 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

දීර්ඝ කාල­යක් හිමි­ක­රු­වෙකු නොමැ­තිව කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පි­ටිය විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් පැමිණ 07/04 දින දහ­වල් රැගෙන ගොස් තිබේ.

එස්.පී.කේ.එම්.- 8179 දරන නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් 05/29 දින සිට මෙසේ කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි.

මෙම මෝටර් රථය අම්බ­ල­න්ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි වෙලේගේ මායා සුදේ­ශිකා නමැති කාන්තා­ව­කට අයිති බවත් දැනට බළ­පි­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන 68390 දරන නඩු කට­යු­ත්තට අවශ්‍ය කරන මෝටර් රථ­යක් බවත් අනා­ව­ර­ණය වීමෙන් පසුව අධි­ක­රණ නියෝ­ග­යක් මත ඇල්පි­ටිය විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ මෙම මෝටර් රථය 07/04 දින දහ­වල් 12.30ට පමණ රැගෙන ගොස් තිබේ.

මෙම මෝටර් රථය මාස­ය­කට අධික කාල­යක් මෙසේ කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ රථ ගාල තුළ අයි­ති­ක­රු­වෙකු නොමැ­තිව නවතා තිබූ අතර මේ පිළි­බඳ කටු­නා­යක ගුවන් බල­ධා­රීන් මෙන්ම ගුව­න්තො­ටු­පොළ පොලි­සිය ද විම­ර්ශන කට­යුතු ආරම්භ කර තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT