දීර්ඝ කාලයක් හිමිකරුවෙකු නොමැතිව කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ 07/04 දින දහවල් රැගෙන ගොස් තිබේ.
එස්.පී.කේ.එම්.- 8179 දරන නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් 05/29 දින සිට මෙසේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි.
මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෙලේගේ මායා සුදේශිකා නමැති කාන්තාවකට අයිති බවත් දැනට බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය 07/04 දින දහවල් 12.30ට පමණ රැගෙන ගොස් තිබේ.
මෙම මෝටර් රථය මාසයකට අධික කාලයක් මෙසේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ අයිතිකරුවෙකු නොමැතිව නවතා තිබූ අතර මේ පිළිබඳ කටුනායක ගුවන් බලධාරීන් මෙන්ම ගුවන්තොටුපොළ පොලිසිය ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.