Saturday, May 10, 2025
Home » මුදල් වංචා­ කළ බත්ත­ර­මුල්ල විදේශ රැකියා නියෝ­ජිත ආය­ත­න­යක හිමි­කා­රිය අත්අ­ඩං­ගු­වට

මුදල් වංචා­ කළ බත්ත­ර­මුල්ල විදේශ රැකියා නියෝ­ජිත ආය­ත­න­යක හිමි­කා­රිය අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
July 5, 2024 5:03 am 0 comment

ජා-ඇළ විශේෂ තිස්ස කොටි­ක­න්ක­ඩුව

ඩුබායි හා ඕමාන් රට­වල රැකියා ලබා­දෙන බව පවසා මුදල් වංචා­කළ බත්ත­ර­මුල්ල නග­රයේ පිහිටි විදේශ රැකියා නියෝ­ජිත ආය­ත­න­යක හිමි­කා­රිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ විශේෂ විම­ර්ශන අංශයේ නිල­ධා­රින් විසින් පෙරේදා (3) අත්අ­ඩං­ගු­වට ගත් බව එම කාර්යාං­ශය පව­සයි.

මෙම සැක­කා­රිය විසින් ඉහත රට­වල කර්මාන්ත ශාලා­වල හා රියැ­දුරු රැකියා ලබා­දෙන බව පවසා දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පදිංචි පුද්ග­ල­යි­න්ගෙන් මුදල් අය­කර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවූ බවට කාර්යාං­ශයේ විම­ර්ශන අංශය වෙත පැමි­ණිලි 14ක් ලැබී තිබිණි. එම පැමි­ණි­ලි­ව­ලට අනුව ඇය විසින් වංචා­කර ඇති මුදල් ප්‍රමා­ණය රුපි­යල් ලක්ෂ 40ට ආසන්න වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ විම­ර්ශන අංශය සඳ­හන් කරයි.   කාර්යාං­ශය වෙත ලද පැමි­ණිලි 2ට අදා­ළව ප්‍රකාශ සට­හන් කර­ගැ­නීම සඳහා අදාළ ආය­ත­නයේ හිමි­කා­රිය ඊයේ දින කාර්යාං­ශය වෙත කැඳවු අව­ස්ථා­වේදී විම­ර්ශන නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගන්නා ලදි.   මෙම ආය­ත­නය විසින් කාර්යාං­ශයේ බල­පත්‍ර කොන්දේසි උල්ලං­ඝ­නය කර­මින් වලංගු රැකියා ඇණ­වු­මක් නොමැ­තිව ඩුබායි සහ ඕමාන් යන රට­වල කර්මා­න්ත­ශා­ලා­වල හා රියැ­දුරු රැකියා ලබා­දීම සඳහා මෙසේ වංච­නි­කව මුදල් අය­කර තිබෙන අතර, අදාළ ආය­ත­නයේ රැකියා බල­ප­ත්‍රය කාර්යාං­ශය විසින් මේ වන විටත් තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට පිය­වර ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කා­රිය ඊයේ (04) කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT