Friday, May 9, 2025
Home » පාතා­ලයේ ගෝලයෝ දෙන්නෙක් පොලි­සි­යට මාට්ටු

පාතා­ලයේ ගෝලයෝ දෙන්නෙක් පොලි­සි­යට මාට්ටු

by Gayan Abeykoon
July 5, 2024 3:05 am 0 comment

කොට්ටාව - ප්රදීප් කුමාර

සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි නාය­ක­යකු වන දැනට විදේ­ශ­ග­තව සිටින එස්. එෆ්. ජගත් නමැ­ත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙ­ය­වන පුද්ග­ල­යින් දෙදෙ­නෙකු අයිස් ග්‍රෑම් දහ­යයි මිලි­ග්‍රෑම් හත්සි­ය­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පිළි­ය­න්දල පොල්කො­ටුව (35) හා හෝමා­ගම බ්‍රාහ්ම­ණ­ගම (30) පදිංචි දෙදෙ­නෙකු බව පොලි­සිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් දෙදෙ­නකු පිළි­බ­ඳව බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සයේ උප පොලිස් පරී­ක්ෂක කවි­ශංක නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව හෝමා­ගම බ්‍රාහ්ම­ණ­ග­මදී සහ පිළි­ය­න්දල පොල්කො­ටුව හන්දි­යේදී මොවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසුව සැක­ක­රු­වන් පරීක්ෂා කිරී­මේදී බ්‍රාහ්ම­ණ­ගම පුද්ග­ලයා ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි­ග්‍රෑම් 500ක් සහ පොල්කො­ටුවේ පුද්ග­ලයා ළඟ තිබී අයිස් ග්‍රෑම් 05 මිලි­ග්‍රෑම් 200ක් භාර­යට ගෙන තිබුණි.

මොවු­න්ගෙන් වැඩි­දුර ප්‍රශ්න කිරී­මේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය දැනට විදේ­ශ­ග­තව සැඟව සිටින සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි නාය­ක­යකු වන එස්. එෆ්. ජගත් නමැ­ත්තාට අයත් බවත් ඔහුගේ උප­දෙස් මත මෙම මත්ද්‍රව්‍ය ගැනු­ම්ක­රු­වන්ට අලෙවි කර ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වූ බවත් පැවැසේ.

එස්. එෆ්. ජගත් නැමැත්තා මීට වස­ර­කට පමණ පෙර කොට්ටාව හොරණ පාරේ පෞද්ග­ලික රසා­ය­නා­ගා­ර­යක් තුළදී පුද්ග­ල­යෙ­කුට වෙඩි තබා ඝාත­නය කිරීම හා හෝමා­ගම හිරි­පි­ටිය ප්‍රදේ­ශයේ බස් රථ­ගා­ලක රැඳී සිටි සංජු නමැ­ත්තාට වෙඩි තබා ඝාත­නය කිරී­මට තැත්කි­රීම ඇතුළු සිද්ධීන් රැස­කට චෝදනා ලැබූ­වකු බවත් එම සිද්ධී­න්ව­ලට සැක­ක­රු­වන් සම්බන්ධ බවට පොලි­සිය සැක කරයි.

ඒ අනුව අත්අ­ඩං­ගු­වට ගත් දෙදෙනා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා­ගෙන වැඩි­දුර විම­ර්ශන සිදු­කි­රී­මට නිය­මිත අතර ඔවුන් හෝමා­ගම සහ පිළි­ය­න්දල පොලි­සි­ව­ලට භාර දීමට නිය­මි­තය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්‍ෂ සහ­කාර පොලිස් අධි­කාරී ජානක කුමාර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුමිත් ජය­සිංහ මහ­තාගේ උප­දෙස් මත උප පොලිස් පරී­ක්ෂක කවි­ශංක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පො.කො (70120) රත්නා­යක, (92219) අමර sinhala (වි.කා.බ) 83585 රසික පො.කො. රි. (39848) උදිත මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT